නිදහස සඳහා වන 'ෆෙඩ්රික් නවුමාන් පදනම' (FNF) සහ ශ්රී ලංකාව අතර ගොඩනැඟී ඇති සබඳතාවය දශක පහකට ආසන්න කාලයක් පැරණි ය.
1968 වසරේ සිට 2013 වසර දක්වා කාලය තුළ මෙන් ම 2016 දී එහි වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමෙන් පසු අප පදනම මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ, 'නිදහස සහ වගකීම' යන මූලික පදනම් සාධක කෙරෙහි ය. ශ්රී ලංකාවේ දේශපාලන, සමාජ සහ ආර්ථික සංවර්ධනය සඳහා වසර ගණනාවක් පුරා අප පදනම විසින් සැපයූ දායකත්වය, ලාංකේය නීති සම්පාදකයින්ගේ මෙන් ම සමාජ මතධාරීන්ගේ, විද්වතුන්ගේ සහ සිවිල් සමාජ ක්රියාකාරීන්ගේ ද මනා පිළිගැනීමටත් ඇගයීමටත් පාත්ර වී ඇත.