අපි දැන් කතාකරන්නේ, ලිබරල්වාදය සම්බන්ධයෙන් වන තවත් වැදගත් කාරණයක් පිළිබඳව, ඒ තමයි පුද්ගලවාදය. මේක තරමක් ව්යාකූලයි.ව්යාජ පුද්ගලවාදයක් ගැන කතා කරන බව ලිබරල්වාදීන්ට නිතරම චෝදනා එල්ලවෙන තැනක් තමයි මේ.නමුත් කමක් නැහැ. අපි මෙහෙම පටන් ගමු. අපිට සමාජය දකින්න පුළුවන් සරල ම සහ මූලික ම විදියට අපි සමාජය දකිමුකෝ. අපට සමාජය එක් විශාල ජීවියෙකු විදියට නිරූපණයකරන්න පුළුවන් . මේ ජීවියා සාමූහිකව සහ ඒකාබද්ධව චලනය වෙමින් එහි අරමුණු සාක්ෂාත්කරගන්නවා.ඒක හරියට විශාල යන්ත්රයක් වගේ. ඒ මගින් එක ඇතුලේ චලනය වන පුංචි පුංචි කොටස් ඔයාට දකින්න ලැබෙන්නේ නෑ. හරියට නිකන් මේ කුඩා කොටස් යන්ත්රයට අවශ්ය නෑ වගේ තමයි පේන්නේ. මේ පොඩි කොටසක් කැඩුණත් ඒක ලොකු ප්රශ්නයක් නෙමෙයි. සම්පූර්ණ යන්ත්රයේ ක්රියාවලියට කුඩා කොටසක් කැඩී යාම ලොකු බාධාවක් නෙමෙයි. මේක තමයි සමාජය පිළිබඳ සාමුහිකවාදී දැක්ම.
ඒත් ලිබරල්වාදීන් ලෝකය දකින විධිය මේක නෙමෙයි.ලිබරල්වාදීන්ට සමාජය පිළිබඳ තියෙන්නේ වෙනස් පිවිසුමක්. ලිබරල්වාදීන් සමාජය දකින්නේ විශාල ජීවියෙක් විදියට නෙමෙයි. එහෙම නැත්නම් සමාජය නැමැති විශාල මැෂින් එකේ ඇතිකුඩා කොටස් නොසලකා හරිමින් නෙමෙයි. ලිබරල්වාදීන් ඉතා ගැඹුරට මේ මැෂින් එක දකිනවා. ඔවුන් මේ මැශින් එකේ කුඩා කොටස් මඟින් යන්ත්රයේ එංජිම සෑදෙන බව දකිනවා . ඒක අඳුනා ගන්නවා. ලිබරල්වාදීන්ට අනුව නම් මේ කොටස් ඇත්තම එන්ජිමක වගේ හුදෙක් ප්රතිස්තාපනය කරන්න පුළුවන් කුඩා කුඩා යන්ත්ර කොටස් නෙමෙයි. සමාජය නැමැති යන්ත්රය ඇතුළේ මේ කියන කුඩා යාන්ත්රික කොටස් කියන්නේ මනුෂ්යයින්ය.ඔවුන් තමන්ගේ ම ඉරණමක්, සිහින හා අභිලාෂයන් සහිත පුද්ගල ඒකකයන්. එහෙම නැත්නම් තනි පුද්ගලයින්.ඉතින් ලිබරල්වාදීන්ට නම් මේ පුද්ගලයින් හුඟක් වටිනවා.
ලිබරල් දැක්මක් සහිත සමාජයක පුද්ගලයෙක් කියන්නේ සමස්ථයෙන් කොටසක් විතරක් නෙමෙයි, ඔවුන් තමයි ප්රධාන ම දේ. වඩාත් ම වැඩි අවධානයක් යොමු වෙන්නේ මේ පුද්ගලයා කියන ඒකකයට. ‘ජෝන් රෝව්ස්’ ප්රසිද්ධියේ කියා සිටියා ඔහු පැහැදිලි කරන “පුද්ගල වෙන්වීම ” කියන දේ ලිබරල්වාදීන්ට පමණක් ම අඳුන ගන්න බව. ඒ කියන්නේ අප සැවොම අපි එකිනෙකාට වෙන් වූ වෙනස් ජීවිත ගත කරනවා කියන කාරණය. ඔහු තරයේ කියා සිටියා සමාජය ගැන මෙවැනි දැක්මක් නැති, මේ කියන වෙන්වීම, පුද්ගලයින්ගේ විවිධත්වය ගැන අවබෝධයක් නැති සමාජයන් විශාල ව්යාකූලතාවයකට මුහුණ පෑමට ඇති හැකියාව වැඩි බව.සාමූහිකවාදී දෘෂ්ටියෙන් අදහස් වන්නේ ඔබ සමාජය එක විශාල සමස්තයක් ලෙස දකිනවා කියන එක විතරක් නෙමෙයි ඔබ සමාජයට සලකන්නේ ද එම සාමූහිකවාදී දෘෂ්ටියෙන් ම බවයි.
එතන දී පොදු යහපත වෙනුවෙන් හෝ සමස්තයේ ම සුඛ විහරණය වෙනුවෙන් ඔබට යම් කොටසක් කැපකරන්න වෙනවා. අන්න ඒක විනාශකාරී ප්රතිවිපාක ගෙන දෙන්න පුළුවන්. ඒ නිසා ලිබරල්වාදීන් ට නම් මූලික ම පදනම වන්නේ පුද්ගලයා කියන ඒකකයයි. පුද්ගලයා කියන්නේ ආරම්භක ලක්ෂය යි. පුද්ගලයා තමයි යම් සමාර්ථය එකඟතාවයකින් යුතුව සමාජයට ඇතුළු වෙන්නේ. සමාජය හැදිලා තියෙන්නේ මේ කියන පුද්ගලයා කියන ඒකකව ලින්. සමාජයේ ජීවය ඇති වන්නේ පුද්ගලයන් හරහා පමණයි. සමාජය පවතින්නේ පුද්ගල ඒකකයන් නිසා මිස වෙන කිසිම විදියකින් නෙමෙයි. ඉතින් ලිබරල්වාදීන්පුද්ගලයා කියන ඒකකය සමාජයේ ආරම්භක ලක්ෂය ලෙස සලකනවා පමණක් නෙමෙයි. ඔවුන්ගේ න්යායේ පදනම ලෙස ද පුද්ගලයන් සලකනවා. කෙසේද…? පුද්ගලයින්ගේ සුවිශේෂීත්වයන්, ඔවුන්ගේ වටිනාකම් සහ මානුෂීය ගුණාංගයන් හඳුනා ගනිමින්, අන්න ඒ නිසයි ඔවුන් අනෙක් අයට වඩා තවත් එක් පියවරක් ඉදිරියට යන්නේ. ලිබරල්වාදීන් සිතන්නේ, පුද්ගලයන් ස්වයං පාලන නියෝජිතයන් බවයි. පුද්ගලයින්ට ඔවුන්ගේ ම ජීවිත ගැන සැලසුම් තිබෙනවා. ඔවුන්ගේ ම අභිලාෂයන් සහ සිහින තිබෙනවා. ඔවුන් ඔවුන්ගේම ජීවිත පොතේ කතුවරුන් ද වෙනවා මෙන් ම ඒ සිහින සහ සැලසුම් ක්රියාවට නැංවීමට ඔවුන්සතුව පුර්ණ හැකියාවක් ද තිබෙනවා. ඉතින් ඒ සිහින සහ අභිලාෂයන්ට ද අප ගරු කළ යුතු වෙනවා. මෙය වඩාත් දාර්ශනික අර්ථයකින් කියනවා නම්, ලිබරල්වාදීන් මිනිසුන්ට අභිමානයක් ඇති බව විශ්වාස කරනවා. ඔවුන් තමාගේ ම නියෝජිතයන්. ඉතින් ඔවුන්ට අපගේ ගෞරවය ලැබිය යුතු වේ.
කිසි විටෙක කිසිම පුද්ගලයෙක් තවත් අයගේ අවසාන අපේක්ෂා හෝ අරමුණු සාක්ෂාත් කර ගැනීමට යොදවාගැනීම සුදුසු නැහැ. මොකද හැම පුද්ගලයෙකුට ම තියෙනවා තමගේ ම අරමුණු සහ අපේක්ෂා.නමුත් යමෙකුගේ අවසාන අපේක්ෂා හෝ අරමුණු සාක්ෂාත් කර ගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද ? තවත් කෙනෙක්ට ගෞරව කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද?
හොඳයි,ගෞරවය කියන වචනයට විවිධ අර්ථයන් තියනවා. පළමු වැන්න තමයි පිළිගැනීම. සමාජය කියන්නේ විශාල ජීවියෙක් නෙමෙයි කියලා පිළිගන්න එකෙන් ඒ ජිවියා හැදිලා තියෙන්නේ, තනි තනි පුද්ගල ඒකකයන්ගෙන් කියලා පිළිගන්න එකෙන් අපි ඒ පියවර,ඒ කියන්නේ පිළිගැනීම කියන දේ සම්පුර්ණයෙන් ආවරණය කරලා තියනවා. කොහොම වුණත්මේ පුද්ගල ඒකක ගැන කිව්ව කතාව බොහොම සැහැල්ලු නිකන් ම නිකන් කතාවක් වගේ ඔබට දැනෙනවා ඇති. අන්න ඒ නිසයි ලිබරල්වාදීන් මේ කතාව ආයෙත් ඇදලා ගන්නේ. ලිබරල්වාදීන් පුද්ගල ඒකකයන්ගේ වටිනාකම ගැන දන්නවා. අන්න ඒ නිසා ලිබරල්වාදීන් පුද්ගලයන්ට අයිතිවාසිකම් ලබා දෙනවා.අයිතිවාසිකම් පුද්ගලයින්ව ආරක්ෂා කරනවා.විශේෂයෙන් බහුතරයත් සමඟ එකඟ නොවෙන්න සිදු වෙන අවස්ථාවල දී අයිතිවාසිකම් පුද්ගලයින්ව ආරක්ෂා කරනු ලබනවා.
”නෑ… ඔයාට මට එහෙම කරන්න ඉඩ දෙන්න බෑ”
කියලා කියන්න පුළුවන් වෙන්නේ, මෙන්න මේ අයිතිවාසිකම් නිසා. අයිතිවාසිකම් නිසා බහුතර මතය හමුවේ එල්ලවන කුරිරු පීඩාවන්ගෙන් සුළුතරය මර්දනය නොවී තබා ගන්න හැකි වෙනවා. මතක තියා ගන්න.මෙතන දී කුඩා ම සුලුතරය කියලා කියන්නෙත් පුද්ගල ඒකකයන් ම තමයි. ඒ වගේ පුද්ගල ඒකක සංකල්පයට විරුද්ධ වෙන්නේ කවුද? කියලා ඔබ කල්පනා කරන්න පුළුවන්. හේතුව සියලුම දේශපාලන දෘෂ්ටිවාදයන් මිනිසුන්ට ගරු කිරීම. ඒත් මේ පුද්ගල ඒකක පිළිබඳ සිතන පාරභෞතික කැපවීම තියෙන්නේ ලිබරල්වාදීන් ළඟ විතරයි. ඒ අපි ලෝකය දකින විදිය අනුව නිසා.