LIVE TOTO | ALEXISTOTO | LINK TOTO

LIVETOTO adalah Agen Toto Live resmi yang menawarkan pengalaman bermain yang aman dan terpercaya. Dengan berbagai jenis permainan togel dan agen togel 100Perak, pengguna dapat menikmati kemudahan dalam memasang taruhan. Platform Livetoto ini dirancang untuk memberikan layanan terbaik dengan dukungan pelanggan yang responsif, serta sistem transaksi yang cepat dan aman. jadi tunggu apa lagi! langsung bergabung dengan Agen Live Toto untuk meraih peluang menang yang lebih besar dan nikmati permainan togel dengan nyaman.

04. බලය පිළිබඳ සැකය

නිදහස සහ පුද්ගලවාදය කියන වටිනාකම් කියන්නේ, ලිබරල් චින්තනයේ එන කේන්ද්රීය වටිනාකම්. මේ ද්විත්වය මගින් ලිබරල්වාදීන් අනෙකුත් චින්තනයන්ගෙන් වෙන් කොට හඳුනා ගන්නවා පමණක් නෙමෙයි. මානව ඉතිහාසයේ වැදගත් ම අදහස්වලින් එකක් වන මානව හිමිකම් පිළිබඳ අදහසට ද පදනම දමනවා. ඇත්තට ම අයිතිවාසිකම් විශ්වීය වටිනාකමක් බවට පත් කිරීම ලිබරල් ජයග්රහණයක් බව අපට ආඩම්බරයෙන් කියන්න පුළුවන් . අයිතිවාසිකම් දැන් ලොව පුරා සෑම සමාජයක ම වගේ බෙදාගෙන තියෙනවා. ඒවා “මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්රකාශනය” නමින් හවුල් ලේඛනයක ලියා තිබෙනවා. එහෙම නම්  ලිබරල්වාදීන් පුද්ගල අයිතිවාසිකම් වෙනුවෙන් මෙවර කැපවෙලා ඉන්න තවත් හේතුවක් ගවේෂණය කරමු. මොකද කියනවා නම් මෙම ලිබරල්වාදී වටිනාකම් බලවතුන්ගෙන් සහ බලය අනිසි ලෙස භාවිත කරන්නන්ගෙන්අපිව ආරක්ෂා කරන නිසා. ඒත් අපි මේ මාතෘකාවේ ගැඹුරට ම කිමිදිලා බලන්න කලින් මට පුංචි පැහැදිලි කිරීමක් කරන්න ඉඩ දෙන්න. බලය පිළිබඳ සැකය කියන එකෙන් ලිබරල්වාදීන්අරාජිකත්වයට, ව්යාකූලත්වයට හෝ විප්ලවයට පක්ෂව සිටින බව අපි අදහස් කරන්නේ නෑ.  ලිබරල්වාදීන්ට අවශ්ය වන්නේ ලෝකය බලහත්කාරයෙන් වෙනස් කරන්න නෙමෙයි අදහස් තුළින් වෙනස් කරන්නයි.

‍සමහර විට අපි බලය භාවිත කිරීම ගැන සැකයෙන් ඉන්න ප්රධාන ම හේතුවත් ඒක ම වෙන්න පුළුවන්. අපි මේ ගැන තව වැඩිපුර හොයලා බලමු. අපි සැක කරන්න ඕනේ බලයේ කුමකට ද? කියලා දැන ගන්න කලින් බලය කියන්නේ මොකද්ද?  සහ බලය පැහැදිලිව නිර්වචනය කරන්නේ කොහොමද කියලා බලමු , වඩාත් හොඳින් ප්රාථමික විදියට තේරෙන අයුරෙන් කියනවා නම් ඔබට අවශ්යව ඇති දේ අන් අය ලවා කරවීම තමයි බලය කියන්නේ.මේ නිර්වචනයට විවිධ හැඩයන් තියෙන්න පුළුවන් .ඇත්ත වශයෙන් ම ඔබට අවශ්ය දේ අනුන් ලවා කරවීමට ශාරීරිකවත් බලය පාවිච්චි කරන්න පුළුවන්. ඒහැරුණු විට බලය, ඔබ මිනිසුන්ට කරන්නා වූ යම් යම් බලපෑම් දක්වා විහිදෙන්න පුළුවන්. කෙසේද..? සමහර විට ඔබේ සමාජ තත්ත්වය, ව්යාපාරික නිලය හෝ වෙනත් ආකාරයක බලයක් හරහා ඔවුන් ලවා ඔබට අවශ්ය දේ කරනවා විය හැකි ය.

‍දේශපාලනික කෝණයෙන් ගත් විට රජය හෝ රජය සම්බන්ධ සිද්ධීන් ගැන අපි විශේෂයෙන් සැලකිලිමත් වෙනවා.එකට හේතුව රාජ්යය කියන සංස්ථාවට ප්රචණ්ඩත්වයේ ඒකාධිකාරය කියන විශේෂතත්ත්වය තියන නිසා. වැරදියට තේරුම් ගන්න එපා. අර්ථ දැක්වීම අනුව ම පමණක් ගතහොත් ඔබට අවශ්ය දේ මිනිසුන් ලවා කරවා ගැනීම වැරැද්දක් නෙමෙයි. බලය ද එසේම යි. ඒ වගේ ම ඒ සියල්ල ම කෙරෙහි රාජ්යයට විශේෂ කාර්යභාරයක් තිබෙනවා.

‍සංකීර්ණ සමාජයක් ඇතුළේ අපව සංවිධානය කරන්න නම් අපට සමාජ අනුපිළිවෙලක්, විධානයක් සහ නායකත්වයක් අවශ්ය බව ලිබරල්වාදීන් පිළිගන්නවා. ඇත්ත ම කියනවා නම් මේ කියන මෙවැනි සමාජ සම්බන්ධීකරණ මෙවලම් නොමැතිව මිනිසුන්ට සංවිධානය වෙන්න පුළුවන් කොහොමද කියලා හිතන එකත් දුෂ්කරයි. ව්යාපාර පවත්වාගෙන යන්න, රැස්වීම් සංවිධානය කරන්න සහ කොටින් ම යමක් ඉෂ්ට කර ගන්නට අපට ඒවා අවශ්යයි. තව ටිකක් පැහැදිලිව කියනවා නම් බලයේ තිබෙන මුහුණුවරයන් සියල්ලන්ට ම ලිබරල්වාදීන් මුලුමනින් ම විරුද්ධ වෙන්නේ නෑ. නමුත් සමාජ අනුපිළිවෙල සහ විධාන කිරීම අතරේ ප්රතිවිරෝධතාවක් සිදු වෙන්න පුළුවන් කියන එක ලිබරල්වාදීන් හඳුනාගෙන තිබෙනවා. සුරාකෑම සහ ආධිපත්ය කියන දේවල් විභවය වෙන්නේ,මෙතනින් තමයි කියන දේ තේරුම් අරගෙන තිබෙනවා. වෙනත් වචනවලින් කියනවා නම්, බලය ඇති තැනක අපයෝජනයන් සිදු වීමේ, සම්භාවිතාවක් තිබෙනවා.ඒ මොකද කියනවා නම් යම් යම් පුද්ගලයින්ට ඔවුන් නිවැරදි යැයි සිතන දේ කිරීමට හැකියාව අපි විසින් ම විසින් ලබා දෙනවා නම්, ඔවුන්ගේ සීමා ඉක්මවා යාමේ අවදානමක් හැම විටක ම තියෙන්න පුළුවන් නිසා, ඒ වගේ ම ඉතිහාසය අපට පෙන්වා දීලා තියෙනවා (අවාසනාවකට වගේ හුඟක් වෙලාවට) මිනිස්සු එවැනි බලතල අයුතු විදියට භාවිත කරන බව. විශේෂයෙන් ම ඔවුන්ට සීමාවන් නොමැතිව බලය ලබා දෙන විට. මෙන්න මේ නිසා තමයි ලිබරල්වාදීන් සෑම විට ම රාජ්ය බලය ගැන අනතුරු අඟවන්නේ. තවත් උදාහරණයකට ආගමික බල ව්යාප්තිය ද දැක්විය හැකියි.

නමුත් ලිබරල්වාදීන් රාජ්ය බලය ගැන පමණක් ම නොවේ . සමාජ බල ව්යුහයන් ගැනත් සැලකිලිමත් වෙනවා. ඒ නිසා තමයි ලිබරල්වාදීන් ස්ත්රීවාදී හෝ සිවිල් අයිතිවාසිකම් ව්යාපාරවලත් පෙරමුණ අරගෙන සිටින්නේ. දැන් ඔබට පේනවා, ලිබරල්වාදීන් සෑම විට ම ඔවුන්ට ලබා දී ඇති බලතල අනිසි ලෙස භාවිත කිරීමේ මෙම මානව ප්රවණතාව ගැන අනතුරු අඟවලා තිබෙනවා. ලිබරල්වාදීන් සෑමවිට ම රාජ්ය හෝ පුද්ගල නායකයින්ගේ බල ව්යාප්තිය ගැන අනතුරු අඟවලා තියෙන්නේ ඒ නිසයි. වරක් බ්රිතාන්ය ලිබරල් චින්තකයෙකු වන ඇක්ටන් සාමිවරයා මෙන්න මෙහෙම ලියා දැක්වුවා,

‍” බලය දූෂිත වන අතර නිරපේක්ෂ බලය නියත වශයෙන් ම දුෂිත වේ.”

‍ඇක්ටන්සාමිවරයා කියන දේ හරි බලය නම් විලවුන් වර්ගයේ කුමක් හෝ ඉන්ද්රජාලික දෙයක්තිබෙනවා. මේ බලය කියන දේ අපට යම් කිසි භයානක බලපෑමක් කරන බවක් පේනවා. අපිට යම්කිසිවකට බලය ලබා දෙනවා නම් අපි උත්සහ කරන්නේ කෙසේ හෝ ඒ බලය තවත් වැඩි කර ගැනීමටයි. ඇක්ටන් සාමිවරයා ඇතුළු ලිබරල්වාදීන් පොදුවේ මේ ප්රවණතාව පෙන්නුම් කරලා තියනවා.අපි තරමක් ප්රාථමික උදාහරණයක් ගනිමුකෝ. ඔබ අතරින් සමහරෙක් දෙමව්පියෙක් වෙන්නට ඇති. දෙමව්පියන් වශයෙන් මෙම භූමිකාව තුළ, ඔබ ඔබේ දරුවාට වගකිව යුතු ය. ඔබ ඔවුන්ගේ භාරකරු ලෙස ක්රියා කරනවා. ඉතින්, ඔබ ක්රියා කරන්නේ,බලය තිබෙන ස්ථානයක.

ඔබේ දරුවා පළා වර්ග කන්න අකමැති වෙලාවක ඔබ ඔබේ බලය පාවිච්චි කරනවා. නමුත් ඔබත් කුඩා කාලයේ පළා වර්ග කන්න අකමැත්තෙන් ඉන්න ඇති. මේක කිසියම් ප්රාථමික උදාහරණයක් විතරයි. ඒත් ඒක ඇතුළේ අර කලින් කිව්ව බලය නම් විලවුන් වර්ගයේ තිබෙන බලපෑම ගැන ඔබට යම් කිසි අදහසක් ගන්න පුළුවන්. ආරම්භයේ දී ඔබ ලිබරල්වාදයේ කැරලිකාර පැත්ත ගැන කුතුහලයෙන් ඉන්න ඇති, අපි අරාජිකවාදය සහ විප්ලවය ගැන කියනවා කියලා ඔබට සිතෙන්නට ඇති. නමුත් දැන් ඔබට වැටහෙනවා ඇති අපි තුළ එහෙම අදහසක් නොමැති බව. බලය පිළිබඳ සැකය කියලා කියන්නේ,බලයේ සිටින විටහැසිරෙන ආකාරය පිළිබඳ ගැඹුරු මිනිස් අවබෝධයක් සහ ගැඹුරු මනෝභාවයක්. ඉතිහාසය පුරා ම බලය අනිසි ලෙස භාවිත කළ අය ගැන කලකිරීම්වලට පත්වෙලා තියෙන්නේ ලිබරල්වාදීන්.

‍මෙතෙක් අපි සඳහන් කළ බලය පිලිබඳ සැකය යම්මානසිකත්වයක් හෝ මනෝ භාවයක් ලෙස ඔබට පෙනෙනවා ඇති. කෙසේ වෙතත්, සැක සහිත වීමට නම්, අපට බලතල සීමා කිරීමට ඉඩ දෙන මෙවලම් ද අවශ්යවෙනවා.