05. නීතියේ ආධිපත්‍යය

‘ආධිපත්ය’ යන්නෙන් අදහස් වෙන්නේ නීතියෙන් පාලනය කරනවා කියන එක නෙමෙයි. මේ දෙක අතර වැදගත් වෙනස්කමක් තිබෙනවා. නීතියෙන් පාලනය කරනවා කියන්නේ, එය නීතිය හින්දා අපි අනිවාර්යයෙන් පිළිපැදිය යුතු බවයි. කොහොම වුණත් ලිබරල්වාදීන් බලාපොරොත්තු වෙන්නේ මේක නෙමෙයි.මන්දයත්, කිසියම් වූ අවබෝධයකින් තොරව ඕනෑ ම ප්රතිපත්තියක් අනුගමනය කිරීම විවේචනාත්මක මානසිකත්වයක් සහිත ලිබරල්වාදීන් විසින් අනුමත කරන දෙයක් නෙමෙයි.තවදුරටත් කියනවා නම් අපි මින් ඉහත දී කිව්වා වගේ ම නීතියේ ආධිපත්ය කියන්නේ වටිනාකමක්. ඒක පොතක ලියලා තියන ලියවිල්ලක් පමණක් ම නෙමෙයි. මෙයින් අදහස් කරන්නේ, ලිබරල්වාදීන් නීතියේ ආධිපත්යය යන්න වඩා සදාචාරාත්මක අර්ථයකින් සලකන බව. කුමක් හෝ දෙයක් නීතියක් බවට පත් කිරීමෙන් එය සදාචාරාත්මක හෝ සාධාරණ වෙන්නේ නැහැ.නීතියේ ආධිපත්යය ඉස්මතුවිය හැක්කේ ලිබරල් ප්රජාතන්ත්රවාදී ආයතන හා ක්රියාවලීන් හරහා පමණයි. එහෙත් බලතල බෙදීමේ තාක්ෂණික කරුණු සහ ප්රජාතන්ත්රවාදී පද්ධති එකට තබා එහි හර- බැර ශේෂයන් ගැන අවධානයක් යොමු කරන්න අපට මෙතන දී අවශ්ය නෑ. නීතියේ ආධිපත්යය පිළිබඳ මෙම අදහස සහ ආයතනවල කාර්ය භාරය, නීතිමය ග්රන්ථවලින් ඔබ්බට ගොස් ඇති බව පැවසීම වඩාත් වැදගත් වෙනවා.

නීතියේ ආධිපත්ය කියලා කියන්නේ, නීති පොතක ලියලා තියන රීතියක් විතරක් ම නෙමෙයි නීත්යානුකූල හා විනිවිද පෙනෙන ක්රියාවලියක් තුළ ඇති වූ නිශ්චිත නීති මාලාවක් කියලා, අපි දැන් දන්නවා. එහෙත් නීතියේ ආධිපත්යය මොනවගේ ද කියලා අපි තවමත් දන්නේ නෑ. නීතියේ ආධිපත්යයේ තිබෙන විශේෂ වූ නිශ්චිත ලක්ෂණ මොනවාද? අන්න ඒක නම් තරමක් සංකීර්ණ ප්රශ්නයක්. මොකද කියනවා නම් නීතිය සම්පාදනය කිරීමේ සන්දර්භය තුළ එය එක් එක් විෂයට අදාළව විශේෂිත වෙන්න පුළුවන් නිසා. නමුත් නීතියේ ආධිපත්යය යටතේ පාලනය වන ඕනෑ ම රටකට අදාළ වන පොදු ලක්ෂණ කිහිපයක් තිබෙනවා.ඒ තමයි,

◾️ සාමාන්‍යතාව

මෙයින් අදහස් කරන්නේ නීතිය සාමාන්යයෙන් සමාජයේ සිටින සෑම කෙනෙකුට ම එක හා සමානව අදාළ වන බව.එක් එක් තත්ත්වයන් තුළත් එක හා සමානව ම නීතිය බලාත්මක වෙනවා. මෙහි දී වෙනත් විකල්ප නැහැ. නීතියේ ආධිපත්යය යටතේ වඩා බලවත්, වඩාත් ම හොඳ සබඳතා ඇති අයට හෝ ධනවත් අයට සාමාන්ය පුරවැසියන්ට වඩා වෙනස් ලෙස සලකන්න බෑ. මොන තරම් වැදගත් අවස්ථාවක වුණත් කිසිවෙකුත් නීතියට ඉහළින් සිටින්නේ නෑ. අපි හැම කෙනෙක් ම නීතිය ඉදිරියේ එක සමානයි.

◾️ පැහැදිලි බව

නීතිය සකස් කළ යුත්තේ, එය නීතිඥයින්ට හෝ නීතිය ඉගෙන ගනිමින් ඉන්න අයට පමණක් තේරුම් ගත හැකි පරිදි නෙමෙයි, සෑම කෙනෙකුට ම තේරුම්ගත හැකි ආකාරයටයි. මෙයින් අදහස් කරන්නේ නීති වෘත්තිකයෙකුගේ අවශ්ය සහාය නොමැතිව පවා සාමාන්ය පුරවැසියන්ට නීතිය තේරුම් ගැනීමට හැකි අයුරින් නීති සකස් විය යුතු බවයි. ඇත්ත වශයෙන් ම සමහර වෙලාවට නීතිඥයින්ගෙන් උපදෙස් ලබා ගැනීම අවශ්ය වෙන්න පුළුවන් . ඒත් පොදුවේ ගත්ත ම රාජ්ය නිලධාරීන්ට සහ දේශපාලකයින්ට නීතියේ අපැහැදිලි තැන් පිටුපස සැඟවීමට සහ නීති භාෂාවේ නොපැහැදිලි බවින් නව අඩුපාඩු සොයා ගැනීමට නොහැකි වන පරිදි නීතිය සකස් කළ යුතුය.

◾️ ප්‍රචාරණය

එපමණක් නෙමෙයි නීති පොදුවේ දැක ගත හැකිවිය යුතු අතර පහසුවෙන් ප්රවේශ විය හැකි දෙයක් විය යුතුයි. කුමන අවස්ථාවකට අදාළ වන්නේ කුමන නීති ද යන්න සෑම පුරවැසියෙකුට ම දැන ගැනීමට, සැලැස්විය යුතුය.දේශපාලකයින්, රාජ්ය නිලධාරීන් හෝ සමාජයේ සෙසු සාමාජිකයින් නීතිය ඉක්මවා ගිය විට සාමාන්ය ජනතාවට පහසුවෙන් ඒ බව හඳුනාගත හැකි වීම මෙමඟින් සහතික වෙනවා.ඒ වගේ ම එමඟින් නීතියේ ප්රජාතන්ත්රවාදී නීත්යානුකූලභාවය සහතික කරනවා, පුරවැසියන් තම සමාජයේ නීති රීති ආරක්ෂා කරගන්න පුලුවන් වෙන්නේ ඒ පිළිබඳව දැනුවත්ව සිටියහොත් පමණි.

◾️ ස්ථාවරත්වය

“නීතියේ ආධිපත්ය ඉදිරියේ නීති ස්ථාවරයි”  මෙයින් අදහස් කරන්නේ නීතිය එක් දිනක සිට තවත් දිනකට වෙනස් කළ නොහැකි බවයි. එමඟින් පුරවැසියන්ට නීතියේ ස්ථීරභාවය මත විශ්වාසය තබා ඔවුන්ගේ අපේක්ෂාවන් ඒ අනුව සකස් කර ගත හැකිය. ඇත්ත වශයෙන් ම, මෙයින් අදහස් කරන්නේ නෑ නීතිමය සම්මතයන් වෙනස් කළ නොහැකි බව. නීතිමය සම්මතයන් වෙනස් කළ හැකියි. නමුත් එහෙම කළ හැකි වෙන්නේ ඒවා පරීක්ෂා කිරීමේ ක්රියාවලියක් හරහා ගියහොත් පමණයි. නීතියේ ආධිපත්යය ක්රියාත්මක වන්නේ ලිබරල් ප්රජාතන්ත්රවාදයේ ආයතන හරහා නීතිය ඉස්මතු වුවහොත් පමණක් බව අපි දන්නවා. නීතියේ ආධිපත්යය නීතියෙන් පාලනය නොවන්නක් බවට පත්වී, අයුක්ති සහගත පාලකයින්ට නීතිය තම වාසියට යොදා ගත නොහැකි වන්නේ ද ප්රජාතන්ත්රවාදී ආයතන හරහා නීතිය ඉස්මතු වෙනවා නම් පමණි.

අවසාන වශයෙන් අපි නීතියේ ආධිපත්යයේ මූලික අංග පහක් දෙස බැලුවා. ඒ තමයි සාමාන්යභාවය,පැහැදිලිකම, ප්රචාරණය ස්ථාවරත්වය සහ අපේක්ෂාව. මතක තබා ගන්න. මේවා නීතියේ ආධිපත්යයට පමණක් අදාළ වන සංකල්ප පමණක් ම නොවේ. මේවා තමයි සමාජ සහයෝගීතාවයේ මූලධර්ම, මේක තමයි නීතියේ අධිපත්යයේ තිබෙන සාරය. සමාජය එකට ගොඩනඟා ගත හැකි එකට තබා ගත හැකි ආකාරය ගැන පදනම සපයන්නේ මේ නීතී.