10. නිගමනය

ලිබරල්වාදය ගැන ඇති සම්ප්රදායක විශ්වාසයන්, මිත්යාවන් බිඳ දමමින් අපි එය අධ්යයනය කෙරුවෙමු. ලිබරල්වාදීන් මුදල්, වෙළඳපල,පක්ෂ හා සාද ගැන පමණක් ම සැලකිලිමත් වෙන්නෙ නෑ.ඔබ  ද මේ වන විට නිසැකව ම ලිබරල්වාදියෙකු විය යුතුයි නේද?හොඳයි, අපි බලමු. අපි සිතනවා ඔබ අතරින් සමහරෙක් ලිබරල්වාදය යනු සිත්ගන්නා සුලූ පිළිගත හැකි දෙයක් කියලා පිළිගන්නවා මෙන් ම ලිබරල්වාදය යනු සටන් කිරීමට තරම් වැදගත් යමක් යැයි සිතනවුන් ද ඇතැයි කියා. නමුත් ඒ අතර තවත් අය ඉන්න පුළුවන් මේ ගැන වැඩිදුර ඉගෙන ගන්න කැමති. අපි ඒගැන ප්රයෝජනවත් පොත්පත් සහ ලිපි අඩංගු වෙන ම වෙබ් පිටුවක් මේ ආකාරයට සකසලා තියෙනවා.ඔබ අතරින් සමහරක් ලිබරල්වාදයේ සමහර වටිනාකම්වලට අභියෝග කරනවා පමණක් නෙමෙයි. ඒවට එකඟ වෙන්නේ නැති වෙන්නත් පුළුවන් .උදාහරණයක් විදියට කියනවා නම් සමානාත්මතාවය ඔබේ දෘෂ්ටිවාදයේ මූලික වටිනාකම් විය යුතු යැයි ඔබ සිතනවා ඇති. ඔබට සමාජ ප්රජාතන්ත්රවාදය හෝ වෙනත් ආකාරයක එවැනි සමානාත්මවාදයක් ගැන සලකා බැලීම සුදුසු විය හැකියි. ඒ ගැන කිසිම ප්රශ්නයක් නැහැ. එසේත් නැතිනම් සම්ප්රදායට ගරුකිරීම උරුමයන් සහ ඒවායේ භාවිතයන් ඔබගේ ලැයිස්තුවේ මුලට ඇති. එසේ නම් වඩාත් සිත් ගන්නා සුලු වෙන්නේ, සම්ප්රදායිකවාදය යි .

එහෙම එහෙම වුණොත් ඒක නියමයි. ඔව්, ඇත්ත. එයින් අපි සතුටට පත් වෙනවා. ඒත් අපි කිසිම කෙනෙකුගේ මොළය සේදීමට උත්සහ කරන්නෙ නැහැ. ඒක අපේ අරමුණ නෙමෙයි. දේශපාලන අධ්යයනය වැනි දේ තිබෙන්නේ ඔබව ඒ කෙරෙහි හැරවීමට හෝ එයට බඳවා ගැනීමට නෙමෙයි. අපට අවශ්ය දැනුවත් කිරීමට සහ සාකච්ඡාවක් ආරම්භ කරන්නයි. ලිබරල්වාදය යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද? යන්න සහ වර්තමාන ලෝකයේ එයින් අදහස් නොකෙරෙන දේ පිළිබඳ පූර්ණ දැක්මක් ඉදිරිපත් කිරීමයි අපගේ අරමුණ වූයේ,එය සාක්ෂාත් වූවායැයි බලාපොරොත්තු වෙමු. අප මෙසේ දැනුවත් කරන්නේ, ප්රජාතන්ත්රවාදයට හොඳ ප්රජාතන්ත්රවාදීන් අවශ්ය නිසා, සහ හොඳ ප්රජාතන්ත්රවාදීන් ලබාගැනීමට ආත්ම විශ්වාසයෙන් යුත් දැනුවත් පුරවැසියන් අවශ්ය නිසා. ඡන්දය දියයුත්තේ කවදා ද? කොතැන ද?යන්න පමණක් දන්නා පුරවැසියන් නොව තම රටේ සිදුවෙමින් පවතින දේ ගැන සැලකිලිමත් වන සහ තේරුම් ගන්නා පුරවැසියන් අපට අවශ්යයයි. තමන් ඡන්දය දෙන්නේ කුමකට ද?යන්න දන්නා පුරවැසියනුයි අපට අවශ්යයයි. ඉතින් ප්රජාතන්ත්රවාදී පුරවැසිභාවය පිළිබඳ මෙම අදහස කුමක්ද? සහ එය වැදගත්වන්නේ  ඇයි?

නිදහස යනු ඔබේ ජීවිතයේ ස්වාමියා ඔබ ම වීම බව අපි  ඔබට කියා තිබෙනවා. වෙනත් වචනවලින් කියනවා නම් තමාගේ ජීවිත කතාවේ කතුවරයා තමන් ම වෙන්න, ඕන බව අපි කිව්වා. පුරවැසිභාවය කියන දේත් මීට සමානයි. මොකද අපේ ජීවිත කාලය තුළ අපි අපේ ම ජීවිත පොතේ පිටුවල පමණක් ලියන්නේ නැහැ. අපි අපේ සමාජයේ සහ අපේ රටේ ඉන්න අයගෙත් ජීවිත කතාවල සමහර පිටු ලියනවා. අපි දේශපාලන තීන්දු තීරණ ගන්නා විට, අපි මෙම තීරණ එකට ඒකබද්ධව ගන්නවා. අපේ තේරීම් එකිනෙකට බලපානවා. අපි දේශපාලනයේ දී ගන්නා තීන්දු තීරණ වැදගත් වෙන්නේ ඒ නිසයි. සමහර විට මිනිස්සු හිතන්නේ ප්රජාතන්ත්රවාදය යනු ඡන්දය දීම පමණක් බවයි. නිසැකව ම, ඡන්දය දීම ප්රජාතන්ත්රවාදී ක්රියාවලියේ වැදගත්අංගයක්. නමුත් ප්රජාතන්ත්රවාදයේ ඊටත් වඩා වැඩි බොහෝ දෙයක් කියනවා. ප්රජාතන්ත්රවාදී පුරවැසිභාවය ආරම්භ වෙන්නේ, මැතිවරණදිනයේ දී කෙනෙකුගේ ඡන්දය ප්රකාශ කිරීමට බොහෝ ඉහත දී ය.

‍එය ආරම්භවෙන්නේ, අපේ දේශපාලන ක්රමය අවබෝධ කර ගැනීම තුළයි. දේශපාලකයින්, පක්ෂ හා ඔවුන්ගේ අදහස් සමඟ සම්බන්ධ වීම තුළයි. ප්රජාතන්ත්රවාදී පුරවැසිභාවය ආරම්භ වෙන්නේ සිවිල් සමාජයට ළඟා වීම සහ ඔවුන්ගේ අවශ්යතාවන්ට ඇහුම්කන් දීම සහ අපේ සමාජයේ විවිධ කණ්ඩායම්වල අරගල තේරුම් ගැනීම තුළ හා අන් අයගේ මතයන්ට ඉඩ දීම තුළයි, එමෙන්ම අන්අයගේ වෙනස් අදහස් සහ වටිනාකම්වලට ගරු කිරීම් තුළ යි. ඉතින්,හොඳ පුරවැසියෙකු සහ වගකිවයුතු පුරවැසියෙකු වීම ඡන්දය දීමෙන් ආරම්භ වී අවසන් වෙන්නේ නැහැ කියලා අපි කිව්වා. එහෙත් ඡන්දය ප්රකාශ කිරීම බොහෝ වැදගත් ඉතින් මට අවශ්යයයි, ඔබෙන් ප්රජාතන්ත්රවාදී මැතිවරණවලට සහභාගි වීමට ඔබට ඇති, අයිතිය ප්රයෝජනයට ගන්නා ලෙස ඉල්ලා සිටින්න. ඔබේ ඡන්දය ප්රකාශ කරන්න කියලා කියන්න, සහ ඔබේ හඬ ඔබේ අවශ්යතාවන් වෙනුවෙන් අවධි කරවන්න. ඔබ මෙයින් ඔබ්බට යන්න. ඔබේ පවුලේ අය නෑදෑ හිතමිතුරන් එක්ක මේ ගැන කතා කරන්න. සමාජිය සාකච්ඡා සංවිධානය කරන්න, ‘FNF’ අපට පුළුවන් ඔබට උදව්කරන්න. පක්ෂ සහ අපේක්ෂයන් සමඟ කතා කරන්න. ශ්රී ලංකාව සඳහා ඔවුන්ගේ ප්රතිපත්ති සහ සැලසුම් පිළිබඳව ඔවුන්ගෙන් දැඩි ව ප්රශ්න අසන්න… කියවන්න… ලියන්න…. පවතින දේවල් ගැන දැනුවත් වෙන්න. මොකද වගකිව යුතු පුද්ගලයන් විය හැක්කේ දැනුවත් පුද්ගලයන්ට පමණයි.