01. ලිබරල්වාදය හඳුන්වා දීම

‘ලිබරල්වාදය’ කියූ සැණින් ඔබේ සිතට එන්නේ මොන වගේ අදහසක්ද?

‍ප්රතිපත්ති රහිතයි, ආගමික ගැටුම් ඇති කර ගන්නවා, ධනවතුන් ට සහ ව්යාපාරයන්ට පමණක් වාසි සහගතව ක්රියාකරනවා. මෙන්න මේ වගේ වැරදි වැටහීමි ගණනාවක් ම ලිබරල්වාදය කියන වචනය ඇසූ සැණින් ඔබේ සිතට ඇතුළු වෙනවා ඇති. ඉතින් ඇත්තට ම ලිබරල්වාදය නමින් පෙනී සිටින්නේ, මේ දේවල් ද එහෙමත් නැත්නම් මේවා ලිබරල්වාදය යන නමට මිනිස්සු අලවපු ලේබල් ද? ඉතින් මෙවැනි වැරදි වැටහීම් ගණනාවක් ම ලිබරල්වාදය ගැන තිබෙන නිසා සැබෑ ලෙස ම ලිබරල්වාදය කියන්නේ මොකද්ද? සහ ලිබරල්වාදයේ තිබෙන වටිනාකම් මොනවද? ලිබරල්වාදය පිළිබඳ දැනට බොහෝමයක් මින්සුන්ගේ හිත්වල රැඳී තිබෙන අදහසට වඩා හාත්පසින් ම වෙනස් අදහසක් සහ මතයක් ලිබරල්වාදය තුළ තිබෙන බව, අපි ලිබරල්වාදය කියන වචනය ඒ තුළ ඇති වටිනාකම් ඇසුරින් තේරුම්  ගන්න බලමු.

ඒත් ඊට කලින් මොකද්ද මේ වටිනාකම් කියන්නේ කියලා බලමු. ඇත්තට ම මේ වටිනාකම් කියන්නේමොනවද? වටිනාකම්වල තියෙන වැදගත්කම මොකද්ද? අපි මෙහෙම හිතමු. ඕන ම දෙයක යතාර්ථය එහෙම නැත්තන් ඇත්ත ඇති සැටියෙන් දකින්න ක්රම දෙකක් තිබෙනවා. අපි හැමෝටම මේ කියනකාරණය තේරුම් යන්න, අපි ‘ශ්රී ලංකාව’ කියන අපේ රට ගමු. අපිට පුළුවන් අපේ රටේ ඇත්ත එහෙම නැත්නම් යතාර්ථය ක්රම දෙකකට විස්තර කරන්න. මුලින් ම අපි මෙහෙම විස්තර කරමු.  ශ්රී ලංකාව කියන්නේ දූපතක්, එහි ජනගහණය ආසන්න වශයෙන් මිලියන විසි දෙකක්. ශ්රී ලංකාවේ අග නගරය ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ.මේ කළේ ශ්රීලංකාව ගැන කරුණු වශයෙන් එහෙම නැත්තම් දත්තමය විග්රහයක්. තිබෙන දේවල් ඒ අයුරින් ම ඉදිරිපත්කළ වාර්තාවක් ඉතින් මේ විදියේ කරුණු විග්රහයකින් අපේ සුන්දර මව්බිම ගැන සාධාරණ  විග්රහයක් කරන්න අපිට පුළුවන් ද? ඇත්තට ම බැහැ! ඒ නිසා අපිට අපේ රට ගැන මෙන්න මෙහෙමකියන්න පුළුවන් . ශ්රී ලංකාව කියන්නේ, ආගන්තුක සත්කාරයන්ට නම් දැරූ සංස්කෘතික හර පද්ධතීන්ගෙන් පිරි නිදහස අගය කරන රටක්. මෙතන දී අපි කළේ, ශ්රී ලංකාව ගැන එහි තිබෙන වටිනාකම් ඇසුරෙන් විග්රහ කළ එක! ඉතින් දැන් ඔබට යම් කිසි දෙයක්‌ කරුණුමය පැහැදිලි කිරීමක් සහ එහි වටිනාකම් ඇසුරෙන් කරන විග්රහයක වෙනස වටහා ගන්න පුළුවන්.

වටිනාකම් තුළ අපගේ අභිලාෂයන් ද, අප වඩාත් සුදුසු යැයි සිතන දේ  ද, ගැබ්ව ඇති අතර යම් දිශානතියකින් ද යුක්ත වේ. එය හුදෙක් කරුණු දැක්වීමක් ම නොවේ. අප බලාපොරොත්තු වන ලොව කෙසේ විය යුතු දැයි කියා දෙයි.එම නිසා සිත් ඇද ගන්නා සුලු වෙයි. වටිනාකම් ඇසුරෙන් අපි යම් කිසිවක් විග්රහ කරනකොට ඒ ගැන මනා වැටහීමක් අපට ලැබෙනවා. යම් කිසි දෙයක වටිනාකම් ගැන කියන කොට අපි කරන්නේ, කරුණු දැක්වීමකට වඩා එහා ගිය දෙයක්. ඒ වගේ ම අපි එහි දී පෙනී ඉන්නේ කුමන අරමුණක් වෙනුවෙන්ද කියන එක ගැනත් වටිනාකම් ඇසුරෙන් දෙයක් විස්තර කරනකොට වැටහෙනවා.වටිනාකමක් රහිත ජීවිතය පවා නීරස වෙන්නේ අන්න ඒ නිසා.

 අපි තව ටිකක්මේ ගැන පැහැදිලි අවබෝධයකට එමු. ඔබ ඔබේ මිතුරන් සමඟ විවාදයකට සහභාගි වුණු අවස්ථාවක් සිහිපත් කරගන්න. ඔබට මතක නම් එහි දී බොහෝමයක් දෙනා කතා කළේ කරුණුවලට වඩා වටිනාකම් ගැන. කරුණු වලින් තර්ක ඉදිරිපත් කළාට වඩා ඒ විවාදයේ දී වටිනාකම් ඇසුරෙන් තර්ක ඉදිරිපත් කළා ඔබට මතක ඇති. ශ්රී ලංකාව යනු නිදහස අගය කරන රටක් බව අපි කිව්ව ම එයින් අප රටේ හර පද්ධතිය ගැන විශිෂ්ටත්වයක් දිස් වෙනවා. අනෙක් අතට ශ්රී ලංකාව දූපතක් යැයි කරුණු දැක්වීමෙන් මෙම විශිෂ්ටත්වය කිසිසේත් ම හැඟෙන්නේ නෑ. ඒ නිසා වටිනාකම් කියන දේ දේශපාලනයේ දී අතිශය වැදගත් මන්ද දේශපාලනය අත්යවශ්යයෙන්ම වටිනාකම් ගැනවිය යුතුයි. දේශපාලනය කියන භූමියේ දි තමයි අපි නිවැරදිව ම අපේ වටිනාකම් හඳුනා ගන්නේ. වටිනාකම් පිළිබඳ අදහස් හුවමාරු කරගන්නේ. ඒ වගේ ම වටිනාකම් පිළිබඳ ගැටුම් නිරාකරණය කර ගන්නේ, ඇත්තට ම අපිට තොරතුරු එහෙමනැත්නම් කරුණුත් වැදගත් වෙනවා. විශේෂයෙන් මේ වගේ අසත්ය පුවත් පැතිරෙන සමයක නිවැරදි කරුණු ලැබීම අපිට ඉතාම වැදගත්. නමුත් දේශපාලන හේතුන් නිසා ඇතිවන ගැටලුවලට පිළිතුරු සෙවීමේදී කරුණු මත පදනම් වීම පමණක් ප්රමාණවත් වන්නේ නෑ. සැබවින්ම සාධාරණත්වය හෝ නිදහස සහ සමානාත්මතාව පිළිබඳ ඇතිවන ප්රශ්නයක් විසඳීමට කරුණු පමණක් ප්රමාණවත් වෙන්නේ නෑ.විවිධ වූ  දෘෂ්ටිවාදයන්, සරලවම කියනවා නම් වෙනස් වෙනස් අදහස් දෙස වෙනස් කෝණවලින් බලන්න වටිනාකම් උපකාරී වෙනවා. තව දුරටත් මෙම අධ්යයනය යම් යම් දේශපාලනික දර්ශනයන් හා සම්ප්රදායන් ගැන මූලික හා ගැඹුරු වැටහීමක් ලබා දෙනු ඇත.

‍අන්න ඒ නිසා අපි ලිබරල්වාදය දෙසත් එහි තියෙන වටිනාකම් ඇසුරෙන් බැලුවොත් අපිට ලිබරල්වාදය ගැන පුළුල් අවබෝධයක් ලබා ගන්න පුළුවන්.ප්රධාන වශයෙන් ලිබරල්වාදයේ මූලිකව ම වටිනාකම් අටක් තිබෙනවා.ඒත් එහෙම වටිනාකම් බෙදා දක්වන්න කලින් කියන්න අවශ්ය ම කරන දෙයක් තියෙනවා. ඒ තමයි ලිබරල්වාදය කියන්නේ විශාල කූඩාරමක් වගේ දෙයක් නම් ඒ කූඩාරම ඇතුළෙත් ලිබරල්වාදයේ විවිධ ස්වරූප සෙවණ ලබමින් ඉන්නවා කියන එක. ලිබරල්වාදය ඇතුළෙත් සමාජ ලිබරල්වාදයේ සිට උපරිම ලිබරල්වාදය දක්වා විවිධ උප කොටස් සහ සම්ප්රදායන් තිබෙනවා.නමුත් ඒ උප කොටස් සහ ලිබරල්වාදයේ විවිධ වූ වෙනස් ස්වරූප තිබුණත් එහි තිබෙන අපි කලින් කිව්ව වටිනාකම් ඒ විදියට ම ඇතුළත් වන බවත් කියන්න ඕන. ලිබරල්වාදයේ තියන මේ විවිධ වූ උප කොටස් එහෙම නැත්නම් වෙනස් වූ සම්ප්රධායන් තුළත් වෙනස් වෙනස් අරමුණු තියෙන්න පුළුවන්. උදාහරණයක් විදියට කියනවා නම් සමාජ ලිබරල්වාදයේ අරමුණ සිවිල් නිදහස සාක්ෂාත් කර ගන්න එක. සම්භාව්ය ලිබරල්වාදයේඅරමුණ වෙළඳ පොළ නවෝත්පාදන සහ ප්රගතිය අත්පත් කර ගන්න එක. ලිබරල්වාදයේ අරමුණ පුද්ගලයාගේවැදගත්කම අවධාරණය කරන එක. ඒත් අපි මේ හැම උප කොටසක් දෙස ම වඩාත් සමීප වෙලා බැලුවොත්, අපිට ඒ හැම දෙයක ම පැහැදිලිව අවධාරණය වෙන එක දෙයක්තිබෙන බව පේනවා. ඒ තමයි නිදහස. නිදහස තමයි ලිබරල්වාදයේ මූලික ම වටිනාකම.

 ලිබරල්වාදීන් විවිධඋප කොටස් සමඟ බැඳී සිටියත් ඔවුන් හැමෝගෙම  මූලිකහරය වෙන්නේ නිදහස. ඉතින් ඒ නිසා මේ වීඩියෝ මාලාව ඉදිරිපත් කිරීමේ අරමුණු තමයි ලිබරල්වාදය ගැන පැහැදිලි අවබෝධයක් සහ හැඳින්වීමක් ලබා දෙන අතරෙ ම ලිබරල්වාදයේ විවිධ වූ ස්වරූප හෝ අරමුණු අනුව වෙන් වෙලා සිටින පිරිසගේ මූලික ම දේ එහෙම නැත්නම් ඒ හැමෝගෙම පොදු දේ ‘නිදහස’ බව නැවත මතක් කරලා දෙන එක! ලිබරල්වාදයේ සැබෑ හරය දෙස අවධානය යොමු කරන්න දැන් කාලය එළඹිලා. අපි ලිබරල්වාදය ගැන නිවැරදි පැහැදිලි අවබෝධයක් ලබා ගමු. පැහැදිලිව ම කියනවා නම් සෑම ලිබරල්වාදියෙකු ම කතා කරන්නේ පුද්ගල නිදහස ගැන. ඔබේ ජීවිතයේ පරම හිමිකාරීත්වය ඔබට පමණක් හිමි බව එහෙම නැත්නම් ඔබේ ජීවිතයේ ස්වාමියා වීමට හැකියාව ඇත්තේ ඔබට පමණක් බව සෑම ලිබරල්වාදියෙකුගේ ම අදහස වෙනවා. ලිබරල්වාදය පුද්ගලයා වටා කේන්ද්ර වෙනවා. පුද්ගලයෙකු සතු වටිනාකම ගැන ලිබරල්වාදීන් වෙහෙසෙනවා. කතා කරනවා.හැබැයි මේ විදියට පුද්ගලයෙකුගේ නිදහස ගැන කතා කරනකොට නිදහස නිසා ම පුද්ගලයෙකු වටා ගොඩනැගෙන බලය ගැන අපිට යම් කිසි සැකයක් ඇති වෙනවා. බලය තමයි ලිබරල්වාදයේ ඇති අනෙක් වටිනාකම. මේ විදියට පුද්ගලයෙකු නිදහස යැයි කියමින් තමාගේ බලය වැරදි විදියට පාවිච්චි කරන්න යොමු වෙයි, කියන සාධාරණ සැකය අපිට ඉස්මතු වෙනවා. ඇත්තට ම පුද්ගලයෙකු විසින් මේ විදියට බලය වැරදි විදියට පාවිච්චි කළ අවස්ථාත් අපිට හමු වෙනවා.

ඉතින් මේ  විදියට පුද්ගලයන්ගේ අනිසි බලය සීමා කිරීම ට ලිබරල්වාදීන් තෝරාගන්නා මෙවලම තමයි නීතිය. නීතියේ ආධිපත්ය සුරැකීම එයත් ලිබරල්වාදයේ ඇති එක් වටිනාකමක්. ලිබරල්වාදීන්ට නීතියේ ආධිපත්ය කියන දේ උපකරණයක්, එහෙම නැත්නම්  නීති ලියා තිබෙන විශාල පොත් පත් නෙමෙයි. ලිබරල්වාදීන් කතා කරන්නේ, සමාජයේ තියෙන පොදු නීති පද්ධතිය ගැන. නීතියේ ස්වාධිපත්ය සුරැකීම ගැන. අපි ගොඩක්වෙලාවට සාමජයත් එක්ක ඉන්නකොට යම්කිසි පොදු දෙයක් ගැන එකිනෙකා සමඟ එකඟ වෙන්නේ හරි අඩුවෙන්.  අධ්යාපනය ලැබීම වගේ කුඩා ප්රශ්නවල ඉඳන් ආගම , යුක්තිය , යහපත් ජීවිතයක් ගත කරන එකේ අරමුණ මොකද්ද? මේ වගේ විවිධ දේවල් ගැන අදහස් දැක්වීම්වල දී අපි තවත් කෙනෙක් එක්ක එකඟ වෙන්නේ හරි ම අඩුවෙන්. ඉතින් මෙහෙම එකඟ නොවීම් ඇති වෙන තැන්වල  දී පොදු නීති රීති පද්ධතියක් ගැන විශ්වාසය තබා කටයුතු කිරීමටත් වඩා, ඉවසීමේ ගුණාංගයඅපි තුළ තිබීමත් ඉතා ම වැදගත්, එයත් ලිබරල්වාදයේ ඇති එක් වටිනාකමක්. ඒ කියන්නේ, අනෙකාගේ මතයට ගරු කිරීම සහ අනෙකාගේ කැමැත්ත පිළිබඳ දරා සිටීම ලිබරල්වාදීන් අපේක්ෂා කරන තීරණාත්මක දෙයක්. යම් යම් කරුණු සහ මත ගැන සාමකාමී සංවාදයන්. කතිකාවත් වගේ ම ස්වේච්ඡා අදහස් දැක්වීම් ඇති කිරීම,  ලිබරල්වාදීන්ගේ ගුණාංගයක් සාමකාමී බව කියන්නෙත් ලිබරල්වාදයේ ඇති තවත් වටිනාකමක්.ලිබරල් සමාජ ඉදිරියට යන්නේ වඩා හොඳ තර්කයකින් මිසක් බහුතර බලයකින් නෙමෙයි.

 ලිබරල්වාදයේ දී පුද්ගලයාගේ නිදහස අගය කළත් තනි පුද්ගලයාගෙන් සමාජයට විය යුතු දේ ගැනත් අවධානය යොමුකරනවා. එක් එක් පුද්ගලයන් තමා සිදු කරන ක්රියාවල වගකීම තමා ගත යුතු බව අවධාරණය කරනවා.පවුල තුළ වේවා, යහලුවන් අතර වේවා, සමාජය අතර වේවා, මේ ඕනෑ ම තැනක දී තමන් සිදු කරන ක්රියාකාරකම්වල වගකීම තමා ගත යුතු බව අවධාරණය කරනවා. ඒ අනුව ‘වගකීම’ ලිබරල්වාදයේ ඇති තවත් වටිනාකමක්.කෙසේ වෙතත් මේ වගකීම ගැනීම, කියන කාරණයේ දී එහෙම වගකීම ගන්න ඕන ඉහළ සිට සිදු වන බලය පැවරීමකින් බව ලිබරල්වාදීන් කියන්නේ නෑ. ඒ වෙනුවෙන් ප්රජාතන්ත්රවාදයේ නිර්මාණාත්මක බලවේග වෙළඳපොළ සහ සිවිල් සමාජයන් ලිබරල්වාදයේ අරමුණු සාක්ෂාත් කර ගත යුතු බව කියනවා. ඒ ක්රමයෙන් හොඳ ප්රතිපල බලාපොරොත්තු විය හැකි බව ලිබරල්වාදීන් විශ්වාස කරනවා.

මේ කියන ලිබරල්වාදයේ වටිනාකම් අට ම එහි විශ්වීය පදනම සකස් කරනවා. මේ වටිනාකම් අට ම ලෝකයේ සෑම තැනකටම එකහා සමානව අදාළ වෙනවා වගේ ම සියලු ලිබරල්වාදීන් ගේ අදහස් එක්සත් කරනවා. දැන් ඔබ ලිබරල්වාදියෙකුවීමට නම් මේ වටිනාකම් අට අතරින් වඩාත් වැදගත් ම කරුණ හෝ කරුණු කිහිපය කුමක් ද කියා කල්පනා කරනවා ඇති. සමාවෙන්න! මේ වටිනාකම්වල බලය අඩු වැඩි වන පිළිවෙලක් නැහැ. මේ කරුණු අට ම එක වගේ වැදගත්. ඒ කරුණු අට ම එක් පැකේජයක්. එහි කිසිවක් වටිනාකමින් ඉහළ හෝ පහළ ලෙස වෙන් කර දක්වන්න බෑ. ලිබරල්වාදය කියන්නේ මේ කරුණු අටෙන් එකකට නෙමෙයි. කරුණු අටට ම! මේ කිසිවකින් ඔබව ලිබරල්වාදය දෙසට හැරවීමට අපි අදහස් කරන්නෙ නෑ. අපේ ඉලක්කය වෙන්නේ නිවැරදි ඉගැන්වීම්ක්රියාවලියක් හරහා ඔබව ගෙන යමින් ලිබරල්වාදය ගැන තිබෙන දුර්මත වැරදි වැටහීම් ඉවත් කිරීම පමණයි. ඔබ ලිබරල්වාදී අදහස් සමඟ එකඟවන්නෙක් නම් අපි ඒ පිළිබඳ සතුටුවෙනවා. ඔබ ලිබරල්වාදී අදහස් සමඟ එකඟ නොවන්නේ, නම් එයත් අපි බාර ගන්නවා. මොකද ලිබරල්වාදය කියන්නේ කිසිම මතයක් කිසිවකු මත බලෙන් පැටවීම නෙමෙයි. එත් අපි හොඳ තර්ක කෙරෙහි විශ්වාසය තබනවා. අපි අනෙක් අයගේ මතවලට ගරු කරනවා.