අද අපි කතාකරන්නේ, ලිබරල්වාදයේ හරයේ එන වටිනාකම්වලින් වැඩි ම වටිනාකමක් උසුළන ” නිදහස ” කියන වටිනාකම ගැන. හුඟක් අයට මේ නිදහස කියන වචනයත් එක්ක බොහොම සමීප ඇසුරක් තිබෙනවා. ඇත්තට ම නිදහස් ජීවිතයක් ගත කරනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද..? අපි ඒ ගැන මිනිස්සුන්ගෙන් ඇහුව ම, හරියට ම නිදහස කියලා හැඟෙන්නේ මෙන්න මේකයි,කියලා පැහැදිලි කරන්න එයාලට ටිකක් අමාරුයි. එක අතකට ඒක ලිබරල්වාදීන් ගේ පැත්තෙන් බැලුව ම කදිම ආරංචියක්. හැම කෙනෙකුට ම වගේ නිදහස් වීම කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? කියන එක ගැන බුද්ධිමත් අවබෝධයක් තියනවා. අනෙක් අතට ඔවුන්ට මේ හැඟීම වචනවලට පෙරළගන්න බෑ කියලා කියන්නේ, ලිබරල්වාදීන්ට මේ කියන නිදහස පිළිබඳව පැහැදිලිව අවබෝධ කරලා දෙන්න හොඳ අවස්ථාවක්, හැකියාවක් තියනවා කියන එක.
නිදහස කියන වචනයේ තේරුමේ ගැඹුරට ම කිමිදිලා බලන්න කලින් අපි බලමු අපේ අත්යවශ්ය වටිනාකම් ලැයිස්තුවේ නිදහස කියන වටිනාකම් ස්ථානගතකරලා තියෙන්නේ කොතන ද කියලා. ඉංග්රීසි භාෂාවෙන් ‘Liberty’යන නමින් හඳුන්වන මේනිදහස කියන වචනය ඇසුරෙන් තමයි.’ Liberalism’ එහෙම නැත්නම් සිංහල භාෂාවෙන් ලිබරල්වාදය ලෙස අප හඳුන්වනවචනය හැදෙන්නෙ. ඒ කියන්නේ ‘Liberty’ නොහොත් නිදහස යන වචනයෙන් ‘Liberalism’ හැදෙනවා. ඉතින් ඒ නිසා ලිබරල්වාදයේ එන අත්යවශ්ය ම වටිනාකම් ‘Liberty’ නොහොත් නිදහස කියලා අපිට කියන්න පුළුවන්.හැබැයි අනෙක් වටිනාකම් ගැන අවතක්සේරු කිරීමක් හෝ ලිබරල්වාදීන් ඒවා නොසලකා හරින බවක් මෙයින් කිසිසේත් ම කියවෙන්නේ නැහැ. නමුත් යම් හෙයකින් මේ වටිනාකම් අතර ගැටුමක් ඇති වුණොත් ලිබරල්වාදීන් ‘නිදහස’කියන වටිනාකමට වැඩිතැනක් දෙනවා.
අපි ඒ කාරණය මෙන්න මේ විදියට වඩාත් පැහැදිලි කරගමුකෝ, සුප්රකට පාපන්දු ක්රීඩකයෙක් වන ‘ක්රිස්ටියානෝ රොනාල්ඩෝ’ ට ලෝකයේ හොඳම පාපන්දු ක්රීඩකයා වීමට අවශ්ය පුහුණුවීම් කටයුතු දිනපතා සිදු කර ගන්න නිදහස දෙනවා ද එහෙමත් නැත්නම් ඔහුව තරමක් සීමා කොට වෙනත් දක්ෂ පාපන්දු ක්රීඩකයන්ට ද පුහුණු වීම් කටයුතු සිදු කරගෙන යන්න ඉඩ දීලා සමාන්තර අවස්ථාවන් ලබා දෙනවා ද ? යන්න වැනි ගැටලුවක් මතු වුණොත් ලිබරල්වාදීන් තෝරා ගන්නේ රොනාල්ඩෝට පුහුණුවීම් කරගෙන යාමේ නිදහස. නමුත් මෙයින් කිසිසේත් ම කියවෙන්නේ නැහැ ලිබරල්වාදීන් සමානාත්මතාවට ගරු නොකරන බව බොහෝ විට අපට එක ම අවස්ථාවක දී විවිධ වටිනාකම් අත්පත් කර ගන්නට හැකියි. එහෙයින් අපිට නිදහස සහ සමානාත්මතාව එකවර ම ප්රවර්ධනය කරන්න පුළුවන්.
කොහොම වුණත් වටිනාකම අතර ගැටුම් ඇති වන විට අපිට සිද්ධ වෙනවා තෝරා ගැනීම් වෙත යන්න. එතන දී ලිබරල්වාදීන් කැමැත්තෙන් තෝරා ගන්නවා නිදහස. නමුත් ඔබේ කැමැත්තට අනුව වෙනත්වටිනාකමක් තෝරා ගත්තත් ප්රශ්නයක් නැහැ. ඔබ තෝරා ගත් වටිනාකමේ හරය සමානාත්මතාව,ස්වභාව ධර්මය, විශ්වාසය හෝ ප්රජාව මේ ඕන එකක් වෙන්න පුළුවන් . ඒකේ කිසිම ප්රශ්නයක් නැහැ.දේශපාලනික මතිමතාන්තර සහ තෝරා ගැනීම්වල විවිධත්වය සහ බහුත්වවාදය ලිබරල්වාදීන් සතුටින් වැලඳ ගන්නවා.
ඉතින් ඔබ එවැනි ගැටුම්කාරී අවස්ථාවක සමානාත්මතාවට හෝ විශ්වාසයට මුල් තැනක් දෙනවා නම් ඒකේ කිසිම ප්රශ්නයක් නැහැ. එහෙම නම් ඉතින් ඔබට මේ විඩියෝ මාලාව නැරඹීම අතරමග නැවැත්විය යුතු වෙන්නෙත් නෑ. ඒ මොකද? කියනවා නම් ලිබරල්වාදීන්ගේ සුවිශේෂී ලක්ෂණයතම යි, වටිනාකම්වල වැදගත්කම ඔවුන් හොඳින් දත්ත එක සහ ඒ වටිනාකම් ආදරයෙන් රැකබලා ගන්න එක. මිනිසුන්ට තමන් කැමති වටිනාකම් තෝරාගෙන තමන් වෙනුවෙන් සිතීමට ඉඩ තිබෙන්නේ නිදහස් සමාජයක දී පමණයි.
මෙවන් බහුවිවිධත්වයක් ඇති වන්නේ තම තමාගේ ආගම් ඇදහීමේ නිදහස, විවිධ දේශපාලනික ප්රජාතන්ත්රවාදී මතිමතාන්තර ප්රකාශ කිරීමේ නිදහස සහ අපි අනිත් අය හෙළා දැකීමෙන් තොරව තමා කැමති ජීවන රටාවක් තෝරා ගැනීමේ නිදහස ඇති නම් පමණයි. මිනිසුන්ගේ විවිධ අදහස් සහ මත ප්රවර්ධනය කරන එක ම වටිනාකම තමයි නිදහසයි. අන්න ඒ නිසයි, නිදහස වටිනාකම් ශ්රේණිගත කිරීමේ ලැයිස්තුවේ ඉහළින් ම සිටින්නේ. ඒත් මොකද්ද මේ නිදහස ? ඇයි අපි මේ නිදහස කියන සාධකය වටිනාකමක් ලෙස පිළිගන්නේ? ඇත්තට ම නිදහස කියන එකෙන් අර්ථවත් වෙන්නේ මොකද්ද? ඇත්තටම ඒකට දෙන්න තරම් සරල පිළිතුරක් නෑ. ඇත්ත වශයෙන් ම, අප මෙහි වෙන් කොට හඳුනාගත යුතු නිදහස පිළිබඳ ප්රසිද්ධ සංකල්ප දෙකක් තිබේ.
- නිදහස පිළිබඳ ඊනියා සෘණාත්මක සංකල්පයක්
- නිදහස පිළිබඳ ඊනියා ධනාත්මක සංකල්පය
මේ කියන ඍණාත්මක හෝ ධනාත්මක බවින් අදහස් කරන්නේ නෑ එක් සංකල්පයක් හරි ම අශුභවාදී දරුණු එකක් සහ අනෙක බොහොම සිත් ඇද ගන්නා සුලු උද්යෝගීමත් දෙයක් කියන එක. මේවා හුදෙක් දාර්ශනික යෙදුම් පමණයි. සෘණාත්මක නිදහස සම්බන්ධයෙන් අපි නිදහස අර්ථ දක්වන්නේ බලහත්කාරය නොමැති වීම ලෙසය. බලහත්කාරය කියන වචනය මෙතන දි යොදන්නේ දාර්ශනික යෙදුම්වලින් එකක් විදියට. ඒත් බය වෙන්න එපා. මේක තේරුම් ගන්න පහසුයි.බලහත්කාරය කියන එකෙන් හඳුන්වන්නේ පුද්ගලයෙකුට එරෙහිව යම් කිසිවක් සිදුකිරීමට බල කිරීම හෝ එම පුද්ගලයාට එරෙහි බලය පාවිච්චි කිරීම කියන එක. බලහත්කාරය සිදුවන්නේ, වෙනත් අයෙකු ඔබගේ මිතුරන් , තෝරා ගැනීම් හෝ ඔබේ අවස්ථාවන් බලහත්කාරයෙන් සීමා කරනවිටයි. තවත් විදියකට කියනවා නම් කවුරුහරි කෙනෙක් ඔයාගේ ජීවිතයට අනවසරෙන් ඇඟිලිගැසීම් සිදු කරන තාක්කල් ඔයා නිදහස් කියන එක. නිදහස පිළිබඳ මේ නිශේධනාත්මක සංකල්පය තෝරා ගැනීමේ නිදහස මැදිහත් නොවීම සහ පුද්ගලයාගේ ස්වාධීනත්වය කියන දේවල් මත සැලකියයුතු බලපෑමක් සිදු කරනවා.
මෙම සංකල්පයේ දී පිටස්තර සීමා කිරීම් නොමැති වීම පුද්ගලයාගේ සමෘද්ධියට බලපාන පූර්ව අවශ්යතාවක් ලෙස සැලකේ. කොහොම වෙතත් සමහරු හිතන්නේ බලහත්කාරය නොමැති වීම පමණක් ම ලිබරල්වාදය ඇති වීමට ප්රමාණවත් වෙන්නේ නැහැ කියලා. ලිබරල්වාදයට තවත් බොහෝ ලක්ෂණ තිබෙනවා, සමහර විට ඒක සෘණාත්මක අර්ථ දැක්වීමකින් අල්ලා ගන්න නොහැකියි. නිකමට මෙන්න මෙහෙම හිතන්න! මහත්ඌණ සංවර්ධිත ප්රදේශයක,අධ්යාපනයට ප්රවේශයක් නැති පසුබිමක වැඩෙන අයෙක් ඇත. මොහුට කිසිම පිටස්තර බලපෑමක් හෝ බලහත්කාරකමක් ද නැත.එහෙත් අපට නම් මේ පුද්ගලයා ” නිදහස් ” යැයි නිර්වචනය කළ නොහැක. ධනාත්මක සංකල්පයෙන් වෙර දරන්නේ යමක් නැති නිසා නිදහස ඇති බව කියනවට වඩා යම් වැදගත් දේ එකතු වූ නිසා නිදහස ඇති බව කියන එක යි.
බ්රිතාන්ය ජාතික දාර්ශනිකයෙකු වුණු ‘ඉසියා බර්ලින්’ හිතුවා නිදහස පිළිබඳධනාත්මක සංකල්පයෙන් කියවෙන්නේ තමා තමාගේ ම ස්වාමියා යන බවයි. සැබෑ ලෙස ම නිදහස අත්විඳින්න නම් අපි අපගේ දෛවයේ ස්වාමිත්වය දරන්න ඕන. තමාගේ ම දියුණුවේ මාර්ග තෝරගන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේ ම අපේ ජීවිත කතාව ලියන කතුවරුන් අපි ම වෙන්න ඕන. ඔබට ලියන්නට හෝ කියවන්නට බැරි නම් ඔබට ඔබගේ ජිවිත කතාවේ කර්තෘ විය,නොහැකි මෙන් ම පොතපතින් අපට විවර වන මනස්කාන්ත, දැනුම්සම්භාරය ද ඔබෙන් ගිලිහෙනු ඇත. තමා තමාගේ ම ස්වාමියා වීමට සමහර විට සමහරුන්ට උපදේශනය, උදව් උපකාර අවශ්ය වනු ඇත.
නිදහස ගැන ධනාත්මක සංකල්පයට අනුව අධ්යාපනය සහ දැනුම. නිවැරදි සමාජ තත්ත්වයන් සහ සමහර වෙලාවට මූල්යමය සහය වගේ දේවල් ඔබට ඔබේ ස්වාමියා වීමට ඉවහල් වනු ඇත. ඒ නිසා මේ නිදහස පිළිබඳ ධනාත්මක සංකල්පය, සෘණාත්මක සංකල්පය ඉක්මවා යනවා. ඇතැම් වෙලාවට මේ අප ඉදිරිපත් කළ නිදහස පිළිබඳ සංකල්ප දෙක ප්රතිවිරුද්ධ ලෙස දක්වලා අපිට ඉන් එක් පැත්තක් තෝරා ගත යුතු ලෙස දක්වනවා. නමුත් එය සත්යයක් නොවේ. නිදහස පිළිබඳ කියවෙන මේ සංකල්ප දෙක ම මානව සමෘද්ධිය උදෙසා නිදහසේ සහ නිදහස් තේරීමේ ප්රධාන වැදගත්කම හඳුනාගෙන තිබෙනවා.මේ නිර්වචන දෙක ම පුද්ගලයන්ට ඔවුන්ගේ ජීවිත සහ තේරීම්වල හිමිකාරිත්වය ලබාදෙනවා. මේ අර්ථ දැක්වීම් දෙකෙන් ම කියැවෙන්නෙ පුද්ගලයා සවිබල ගැන්වීම ගැන. මේ නිර්වචන දෙක ම බාහිර බාධක සහ බාහිර ඇඟිලි ගැසීම් වලින් ස්වාධීන වීම අගයනවා. ඒ වගේම මේ දෙක ම ස්වයං කර්තෘත්වය සහ මිනිසුන්ගේ සමෘද්ධිමත්බාවය හදවතින් ම ප්රාර්ථනා කරනවා.නිදහසගැන කියවෙන මේ සංකල්ප දෙක අතර කිසියම් ආතතියක් ඇති වෙන්න පුලුවන්. ඒ ගැන කිසිම සැකයක් නෑ. නමුත් එමඟින් ලිබරල්වාදීන්ට වෙනස් වෙනස් ඉලක්ක ඇතැයි අප විසින් ම අපිව රවටා ගත යුතු නැහැ. ඔවුන්ගේ අභිප්රේරණයන් සමානයි. පුද්ගලයන්ට තමගේ ඉරණම් බාර ගැනීමට ඉඩ දීම තමයි සිදු කරන්නේ. ඉතින් අන්ත ඒ කාරණය ලිබරල්වාදයේ දෙවෙනි වටිනාකම ගැන කතා කරන්න අපිව රැගෙන යනවා. ඒ කියන්නේ පුද්ගල නිදහස ගැන.