06. ඉවසීම

අපි අද ලිබරල්වාදයේ එන තවත් එක් සුවිශේෂ වටිනාකමක් ගැන කතා කරමු. ඒ තමයි ඉවසීමේ ගුණාංගය.එහෙම නැත්නම් තවත් අය කියන විදියට උපේක්ෂාව බාර ගැනීම. මේ කියන කාරණය ඇතැම් අය ශිෂ්ටසම්පන්නභාවය කියලත් හඳුන්වන්න කැමතියි.

අපි ජිවත්වන සමාජයේ දිනෙන් දින ම විවිධත්වයන් වැඩි වන නිසා මේ මොහොත වන විට මේ ඉවසීම කියන ගුණාංගය වැදගත් කාර්යභාරයක් ඉටු කරමින් ඉන්නවා. ඒ වගේ ම ලිබරල් චින්තනය තුළ මේ ඉවසීම කියන ගුණාංගය කොතරම් වැදගත් කාර්යභාරයක් ඉටු කරනව ද? කියන එක අවධාරණයෙන් කියන්න ඕන. මේ ගුණාංගය ලිබරල්වාදයේ තිබෙන ඉතා වැදගත් ම ගුණාංගය කියලා කෙනෙකුට කියන්න පුළුවන්. ඉවසීම කියන ලිබරල් ගුණාංගය තමයි ඔවුන් සදන සියලු ව්යවස්ථාවන්,සියලු නීති සහ සියලු සාර ධර්ම පෝෂණය කරන්නේ.ඉවසීම මගින් එක් එක් පුද්ගලයාගේ වටිනාකම හඳුනා ගැනීමට සහ ඔවුන්ගේ හඬට සවන් දීමට අපට හැකියාව ලබා දෙනවා පමණක් නොව එමඟින් ඔවුන්ගේ පෞද්ගලිකත්වය සහ චරිත සංවර්ධනය කර ගැනීමට උදව් වීමට උත්සුක වෙනවා. මේ අතරිනුත් බොහෝ වැදගත් වෙන්නේ අපේ විවිධත්වය බහුල වූ නූතන සමාජය තුළ සාමය සහ ස්ථාවරත්වය සහතික කිරීමයි. ඉතින් ඔබට පේනවනේ, ඉවසීම  අතිශෝක්තියට නැංවීම කළ නොහැකි බව. ඉවසීමේ ගුණාංගය ඒ තරම්ම වැදගත්. එහෙම නම් අපි මේ ගුණාංගය විමසා බලමු.

මේ ඔබ දකින්නේ, චිත්ර ශිල්පී ජැක්සන් පොලොක් විසින් අඳිනලද චිත්රයක්!

‍තත්පර කීපයක් ගත කරලා මේ සිතුවමට ඔබේ අවධානයයොමු කරන්න. මේ දෘශ්ය අත්දැකීමට සම්පූර්ණයෙන් ම අවධානය දෙන්න. මේ සිතුවම ලස්සනයි ද? නැත්නම් කැතයි ද? මේ ගැන පහත දැක්වෙන අදහස්වලින් අපට කියන්න. මම මේ පරීක්ෂණය මින් ඉහත මගේ මිතුරන් කිහිප දෙනෙක් සමග ම කරලා තියෙනවා ඉතින් ඔබේ අදහස දැනගන්න මට ලොකු කුතුහලයක් තියෙනවා.

“පුද්ගලිකව මම සිතන්නේ,  මේ සිතුවම  ඉතා ම සුන්දරයි. නූතන වියුක්ත කලාවේ  විශිෂ්ටතම සිතුවමක්!”

නමුත් සමහර විට ඔබ ඒ අදහස එක්ක  ඔබ එකඟ නොවේවි. ඔබට මේ සිතුවම කැතයි සහ නීරස එකක් ලෙස දැනේවි. කමක් නෑ ඒ පිළිතුරෙන් අපි ඔබව මනින්නෙ  නැහැ. ඒ වෙනුවට අපි ඔබෙන් තවත් ප්රශ්නයක් අහනවා! මේක එක්තරා දාර්ශනික උභතෝකෝටිකයක්. ඒ වගේ ම මේක එක්තරා ඊනියා ගැටලුවක්. අපි එයට “ට්රොලි ගැටලුව ” කියලා කියමුකෝ!

ට්රොලි ගැටලුව මෙන්න මේ වගේ. පාලනයකින් තොර ට්රොලියක් නිශ්චිත ගමන් පථයක් රහිතව ගමන්කරනවා. මේ ගමන් කරන ධාවන පථයේ එහෙම නැත්නම් මාවතේ, මේ ට්රොලිය එන හඬ නොඇසෙන මිනිසුන් පස්දෙනෙක් වැඩ කරමින් ඉන්නවා. නමුත් වාසනාවකට වගේ ඔයා ඉන්නේ ධාවන පථයේ විශාල ලීවරයක් තියෙන තැනක.ඔයා මේ ලීවරය ඇද්දොත් එක් පුද්ගලයෙක් පමණක් වැඩ කරමින් ඉන්න වෙනත් ධාවන පථයකට මේ ට්රොලිය හරවලා යවන්න පුළුවන් . තවත් විදියකට කියනවා නම් ඔයාට සිද්ධ වෙනවා අර කිව්ව මිනිස්සු පස් දෙනා ද නැත්තන් එක්කෙනා ද කියන එක තෝරා ගන්න. ඔයා ලීවරය ඇදලා ට්රොලියේ ධාවන පථය වෙනස් කරනව ද?

‍මම දන්නවා ඒකබොහොම අමාරු ප්රශ්නයක්! හුඟක් දෙනෙකුට මේ ගැන තියෙන්නේ මිශ්ර වූ හැඟීමක්. අප අතරෙන් සිටින සමහරක් කිසිම පැකිළීමකින් තොරව ලීවරය ඇදලා වැඩිපුර මිනිසුන් පිරිසක් බේරා ගනීවි. තවත් පිරිසකට හිතෙයි,බොහෝ පිරිසක් වෙනුවෙන් එක් අයෙකු බිලි දීමේ කිසියම් වැරැද්දක් තිබෙන බව. එහෙම නැත්නම් මේ මුලු සිද්ධියට ම සම්බන්ධ වීම වරදක් බව. මියැදීමට ඉඩ දෙනවා ද?නැත්නම් මරා දමනවා ද?යන්න ගැන ඔවුන් තර්ක කරාවී. ඔබ මේ විවාදයේ දී මොන පැත්ත ගත්තත්, මෙවැනි තීරණයක් ගැනීම අතිශය අපහසු කටයුත්තක් බව ඔබ හඳුනා ගත්තොත්,  ඒ ඇති ඒ වගේ ම මේ ලෙස ක්රියා කරන්න තවත් වැදගත් හේතු තිබූ බවත් ඔබ තේරුම් ගත්තොත් ඒ ඇති. ඕනවට වඩා අපේ අවධානය වෙනතකට යොමු වෙන්න කලින් අපි අපේ අවසාන ප්රශ්නයට යමු.

ජිවිතයේ අර්ථය මොකද්ද…?

‍ඉතින් අපි මේ ප්රශ්නය අපේ මිතුරන් කිහිප දෙනෙකුගෙනුත් ඇසුවා.අපිට ලැබුණේ මෙන්න මෙහෙම පිළිතුරු!

◾️සමහරුන්ට අනුව ජීවිතයේ අරුත පවුලේ අය සහ මිතුරන්

◾තවත් අයට අනුව ජිවිතය කියන්නේ සතුට. එහෙමත් නැත්නම් සතුට සෙවීමේ අරමුණ වන්නේ මුදල් හෝ තත්ත්වය.ඔවුන්ගෙන් බොහෝ අය පැවසුවේ තමයි අපිව ඉදිරියට අරගෙන යන දේ බව.

◾තවත් සමහරු ජීවිතයේ අර්ථය කියලා කිව්වේ, මේ මොහොතේ ජීවත් වෙන එකට. එහෙම නැත්නම් සොබාදහමට.

ඒ වගේ ම තරමක් විවේචනාත්මක අදහස් දරන අය කිව්වේ,

◾️ මිනිස් අත්දැකීමකට නිශ්චිත අර්ථයක් නැති බව සහ ජීවිතය කියන්නේ විශ්වීය අනතුරක් කියලයි. අපිව මෙහෙයවන්නේ අපේ ස්වාභාවික හා පරිණාමීය ආශාවන් මගින් බව ඔවුන්ගේ අදහසයි.

මිනිසාගේ පැවැත්ම පිළිබඳව සරල ම ප්රශ්නයක් ඇහුවත් ඔවුන් දෙන්නේ මේ වගේ විවිධත්වයෙන් යුත් පිළිතුරක්ම තමයි. එකිනෙකට කැපී පෙනෙන ලෙස වෙනස් පිළිතුරු. මේ කෙටි ක්රියාකාරකම ඒ වෙනස පිළිබඳවයි.

ට්රොලියේ ගැටලුවට නිවැරදි පිළිතුරක් ලබා දීම ජීවිතයේ අර්ථය තේරුම් ගන්නා ආකාරය දුෂ්කර බවත් එහෙම නැත්නම් ඉතා සංකීර්ණ බවත් ය. මෙම අභ්යාසය අපට පෙන්වා දුන්නේ අප සමාජයේ දී නොයෙක් දේ සමඟ එකඟ නොවන බවයි. ඒ වගේ ම අපි කුඩා දේවල් සමඟ පවා එකඟ නොවන බව. හරියට පීසා එකක උඩට දාන රසකාරක වැස්ම වගේ කුඩා දේවල් එක්ක පවා අපි එකඟ වෙන්නේ නෑ. ඒවගේ ම සමහර විශාල වැදගත් දේවල් එක්ක පවා අපි එකිනෙකා සමඟ එකඟ වෙන්නේ නැහැ. අපි සෞන්දර්ය සහ අලංකාරය සම්බන්ධ දේවල් වෙනුවෙන් එකඟ වෙන්නෙ නැහැ. යුක්තිය සහ සදාචාරය සම්බන්ධව අපි එකඟ වෙන්නෙ නෑ. එහෙනම් පැවැත්මේ අර්ථය තේරුම් ගැනීමේ සංකල්පය සතුට සහය හා පැවැත්ම ගැනත් අපි එකඟ වෙන්නෙ නෑ. එහෙනම්, අපි ආධ්යාත්මය සහ දේශපාලනය වැනි කරුණු ගැන කොහෙත් ම එකඟ වෙන්නෙ නෑ.

මේ අභ්යාසය ඔයා ඔයාගේ පවුලේ අය සහ යහලුවෝ අතරත් කරලා බලන්නකෝ. ඔබ බොහෝම ළඟින් ආශ්රයකරන, විවිධ සාරධර්ම වටිනාකම් බෙදා ගන්න අය ළඟ පවා මේ සම්බන්ධයෙන් එකඟ නොවන තැන් තිබෙන බව ඔබට වැටහේවී. මේවා ” සමහර” එකඟ නොවීම් පමණක් නොවේ, ඒවා අපට විසඳීමට හෝ අහක දැමීමට නොහැකි එකඟනොවීම්. මෙහෙම හිතන්නකෝ… අපි සමහර කරුණු ගැන එකඟ නොවෙනවා නම්, හරියට පාර්ලිමේන්තුවේ ඉන්න සාමාජිකයන් ගණන කීය ද? එහෙම නැත්තං පෘථිවියේ ඉඳලා සඳට යන්න කොව්චර වෙලාවක් ගත වෙනව ද මෙන්න මේ වගේ ගැටලුවක දි නම් අපිට විද්යාත්මක ක්රමයට අනුව අදාළ ගැටලුවට පිලිතුරු සොයා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ගූගල් සෙවුම් යන්ත්රය භාවිත කරලා කවුද හරි කවුද?  වැරදි කියන එක හොයා ගන්න පුළුවන්.

‍හැබැයි අපිට වටිනාකම් සම්බන්ධයෙන් එකඟ නොවීම් ඇති වෙන අවස්ථාවල දී එහෙම කරන්න බෑ. ලස්සන මොකද්ද?  අවලස්සන මොකද්ද සදාචාරය?  දුරාචාරය මොකක්ද…? මෙන්න මේ වගේ දේවල් නිශ්චිතව ම කියන්න බෑ. මගේ ප්රියතම චිත්රය ගැන ඔබ මා සමඟ එකඟ වෙන්නෙ නැත්නම් මට පුළුවන්  ඔබට ඒ චිත්රය අර්ථ නිරූපණය කිරීමට සහ තේරුම් ගැනීමට ඔබට පොත් පත් ආදිය ලබා දෙන්න. හැබැයි ඒ සියල්ල ම කියවලත් ඔබට තවමත් ඒ චිත්රය පේන්නේ අවලස්සන විදියට නම් මට සිද්ධ වෙනවා ඔබ සිතන විදිය ද පිළිගන්න. සමහර එකඟ නොවීම තියනවා, ඒවා පිළිගැනීමෙන් එහෙම නැත්නම් බාර ගන්නේ නැතුව අපිට එකඟතාවයකට එන්න බෑ. ‘ජෝන් රාවල්ස්’ එවැනි එකඟ නොවීම් “ ගැඹුරු එකඟ නොවීම්” ලෙස හැඳින්වුවා. ඒවා ඉතා ගැඹුරු නිසා අපට ඒවා නිවැරදි කරන්න බෑ. ඇත්ත වශයෙන් ම, අප එසේ නොකළයුතු යි.

‍ලිබරල්වාදීන් විශ්වාස කරන්නේ, මිනිසුන් සෑම විට ම වැදගත් දේවල් ගැන, එකිනෙකාට වෙනස් ආකාරයකින් සිතන බව සහ අපි ඒ බව පිළිගන්නේ නම් පමණක් අපට ඉදිරියට යා හැකි බවයි. අන්න ඒ නිසයි එවැනි පසුබිමක කටයුතු කරන්න අපිට ඉවසීම අවශ්ය වෙන්නෙ. ඉවසීමේ ගුණාංගය නිසා මිනිසුන් අතර ඇති වෙනස සමඟ කටයුතු කිරීමට ඉඩ සැලසෙනවා පමණක් නෙමෙයි එම වෙනස්කම් තේරුම් ගැනීමටත් එක් එක් පුද්ගලයන්ට ඔවුන්ගේ චරිත වර්ධනය කර ගැනීමටත් ඉඩ හැරිමක් සිදු වෙනවා. ඉවසීම ආරම්භ වෙන්නෙ එතනින්. අනෙකෙකුගේ චින්තන රටාව පිළිගැනීම කියන දේ නීතියකට හෝ ව්යවස්ථාවකට කළ හැකි දෙයක් නෙමෙයි. අනෙකාට ගෞරවය ලබා දීමවත් අනෙකා සතු විවිධ  මත සහ විවිධ වටිනාකම් බාර ගැනීමත් එසේම යි. ඒවා කිසිවක් නීතියකට හෝ ව්යවස්ථාවකට කළ හැකි දෑ නෙවෙයි. මේ අවස්ථාවේ දී ඔබට සිතෙනවා ඇති මේ ඉවසීමේ ගුණාංගය කියන වටිනාකම නම් අමාරුයි කියලා. ඔව්! ඇත්තට ම ඒක අමාරුයි තමයි. ඇත්තට ම ඉතින් හැම කෙනෙක් ම හැම දේකට ම එකඟ වෙනවා නම් දේවල් හුඟක් පහසුයිනේ. සියලුම දෙනා ඔබ සමඟ එකඟ වෙනවා නම් ඊටත් වඩා හොඳයි. නමුත් එහෙම සිදුවන්නේ කවදාද..? කවදාවත් නෑ..!

ජාතිකවාදීන්ට හෝ ජනතාවාදීන්ට ඔබව රැවටීමට ඉඩදෙන්නෙ එපා. කිසිවෙකු අකමැති නොවන පොදු එකඟතාවන් කියලා දෙයක් නැහැ. හැම වෙලාවෙ ම කිසියම් අර්ථයක් සහිත එකඟ නොවීමක් තියනවාමයි. අනාගතයේ දී මෙම විවිධත්වය තව තවත් වැඩි වෙයි.මේ ලිබරල් ව්යාපෘතිය ඉවසීමේ ව්යාපෘතියක් සහ බහුත්වවාදයේ ව්යාපෘතියක් වන්නේ මේ නිසයි. මන්දයත් ඉවසීමේ වටිනාකම තමයි සහයෝගිතාව, ප්රගතිය සහ සාමය සහතික කළ හැක්කේ, සාමය අපගේ ලැයිස්තුවේ ඊළඟ වටිනාකමයි.