අපි සාමය ගැන ගැඹුරෙන් කතා කරන්න කලින් සාමය ගැන ඔබට රූපවාහිනියේ විකාශය වන, ඇහෙන දේවල්වලට වඩා නම් මෙය ඉතා වෙනස් බව කියන්න ඕන. මේ වීඩියෝව යුද්ධ සහ ජාත්යන්තර සබඳතා ගැන නම් නෙමෙයි. ලිබරල්වාදින්ට මේ දේවල් ගැන බොහෝ දේ කීමට ඇති නමුත් ලිබරල්වාදීන්ට “ සාමය”යන්න අදහසක් ලෙස වඩා පුළුල් දෙයක්. එය සමාජ ජීවිතයේ සියලු අංගයන්ට අදාළ වන මූලික වටිනාකමක්. අපි මේ කතාබහ ආකර්ෂණීය ප්රහේලිකාවකින් ආරම්භ කරමු. අපි “සාමය” ගැන සිතන විට, අපිට බොහෝ වෙලාවට හිතෙන්නේ ඔලිව් අත්තක් ඇති පරෙවියෙකු ගැන හෝ මනෝරාජික රෝස පැහැති දෘෂ්ටි කෝණයකින් ලෝකය දකින එක ගැන.
මේ ගැන අපි මවා ගන්නා ලෝකය හරි ම ආදරණිය බොළඳ ලෝකයක් විතරක් නෙමෙයි, එය තරමක් නීරස ලෝකයක් ද වෙයි. සාමය කියන දේ බොහෝ විට අර්ථකතනය වෙන්නේ අපිට වැඩි දියුණු කළ නොහැකි, අවසන් අරමුණක් පමණක් විදිහටයි. ගැටුමක් හෝ එකඟතාවයක් නොමැති සමඟිය පමණක් තිබෙන දෙයක් හැටියට. සාමය ගැන ලිබරල්වාදීන් සිතන්නේ එලෙස නොවේ. ඔවුන් සිතන්නේ සාමය යනු සමාජ විපර්යාසයක ක්රියාවලියක් බවයි.
සාමය හා සමගිය ගැන අපගේ සාමාන්ය සංකල්පයට මේක ගැළපෙන බවක් පේන්නේ නැහැනේ. නමුත් විවෘත සමාජයන්හි සැම විට ම එකඟ නොවීම් දකින්න පුළුවන්. ලිබරල් රාමුවක් ඇතුළේ සම්පුර්ණයෙන් ම සම්මුතියක් තියන සමාජයක් ගැන සිතීමෙන් පලක් නැහැ. එහෙම නම්, සාමය ඔවුන්ගේ මුලික වටිනාකම්වලින් එකක් කියලා ලිබරල්වාදීන් ප්රකාශ කරන්නේ කොහොමද ?මෙතන කිසියම් පරස්පරවිරෝධී බවක් තිබෙනවා. එහෙම නේද?
ලිබරල්වාදීන්ට අනුව සාමය යන්න පදනම් වෙන්නේ පුද්ගලයාගේ කතෘත්වය අනුවයි. ලිබරල්වාදීන් එක් එක් පුද්ගලයින්ගේ තේරීම්වලට ගරු කරනවා. කිසිවෙකට හානියක් නොවන එම තේරීම්වලට ඇඟිලි ගැසීමට කිසිවෙකු බලහත්කාරය හෝ බලෙන් එකඟ කර ගැනීම නොකළ යුතු ය. මන්ද එම තේරීම්වලට ඇඟිලි ගැසීමෙන් වෙනත් මිනිසෙකුගේ කතෘත්වයට අගෞරවයක් කරන බවක් පෙන්නුම් කරන නිසා. කොහොම වුණත් සමහර විට අපි සමහර තේරීම් සමඟ එකඟ වෙන්නෙ නැහැ. හරියට ඔබේ මිතුරා රාත්රියේ චිත්රපටියක් බලන්න සුදානම් වෙන විට ඔබ අකමැති චිත්රපටයක් තෝරාගෙන තියෙනවා වගේ.
එතකොට අපිමොකද කරන්නේ..?
අපි ඒකටවිරුද්ධ වෙනව ද…?
කිසිසේත් ම නැහැ. අපි කැමති චිත්රපටය බලන්න කියලා මිතුරාට බල කරන්න ඕන ද? එහෙම කරන ඒකත් එච්චර ම හරි නෑ වගේ නේද? එහෙම නම් අපි මොකද කරන්නේ…? අපි එකිනෙකා සමඟ කතා කරමු. අපි එකිනෙකාට ඒත්තු ගැන්වීමට උත්සහ කරමු. ඔයා තෝරගත්ත චිත්රපටිය මිතුරා තෝරගත්ත චිත්රපටියට වඩා හොඳ වෙන්නේ ඇයි කියලා අපි තර්ක කරමු.
නිදහස පිරි සමාජයක අපි බල කිරීමෙන් දේවල් කර ගන්නවා වෙනුවට එකිනෙකාට ඒත්තු ගැන්වීමෙන් දේවල් කරගන්නවා. ‘හර්බර්මාස්’කියන පරිදි ” බලනොකර ඉදිරිපත් කරන මතය, බලෙන් ඒත්තුගන්වන්න, උත්සාහ කරන මතයට වඩා ප්රබල වේ ” කියන දේ මත අපි විශ්වාසය තබමු. ඇත්තට ම තර්කයක් කියන්නේ අවියක් නෙමෙයි. එහි උණ්ඩ නැහැ. තර්කයක් කියන්නේ අදහසක්. නිදහස් සමාජයක, අපි මිනිසුන්ගේ හැසිරීමට බලපෑම් කරන්නේ, තුවක්කු මගින් නෙමෙයි අදහස් මගින්. අපි බල කිරීම සහ බලහත්කාරයන් වෙනුවට ඒත්තු ගැන්වීම සහ ප්රත්යක්ෂ කිරීම් භාවිත කරමු. මොකද කියනවා නම් මෙමගින් අපි එක් එක් පුද්ගලයාගේ කර්තෘත්වයන්ට සහ අභිමානයට ගරු කරන බව පැහැදිලි වන නිසා. අපි මෙහි දී එක් එක් පුද්ගලයන් තනි තනිව ම තමන්ට අවශ්ය තෝරාගැනීම් සිදු කළ හැකි සමාන පුද්ගලයන් ලෙස දකිනවා ඇත්තට ම මෙය දුෂ්කර විය හැකියි.
මොකද කියනව නම් බොහෝ විට අපි අන් අයට යමක් එත්තු ගැන්වීමක් කරන විට එය අසාර්තක විය හැකියි.හුඟක් වෙලාවට ඔවුන් අපි ගෙන එන තර්කයේ නිවැරදි ලක්ෂයන් හඳුනා ගන්නේ නෑ.මෙය අපි තදින් විශ්වාස කරන දෙයක් නම් ඔවුන්ගේ ප්රතික්ෂේපය අපව කලකිරීමට ද පත්කළ හැකියි. නමුත් මේ සඳහා ඇති විකල්පය මොකද්ද.? බල කිරීම…? සටන් කිරීම..? ප්රචණ්ඩත්වය…? ඒක නම් එච්චර හොඳ අදහසක් නෙමෙයි. මෙමඟින්ඉවසීම සහ වෙනත් ජීවන රටාවන්ට ගරු කිරීමක් සිදු වෙන්නෙ නෑ. වැදගත්ම දේ තමයි එමඟින් කිසිම අව්යාජ බවක් නොදැනීම. කෙනෙකුගේ අදහස්, එහෙම නැත්නම් මනස වෙනස් කිරීම වඩාත් අර්ථවත්වෙන්නෙ එය ස්වකීය හැඟීමක්, තමගේ ම සිතුවිලිවලින් ප්රභාමත් වූ ආකල්පයක් ලෙස සාකච්ඡා සහ කතා බස් ඇසුරෙන් එළියට ආවොත් විතරයි. සංවාද සහ කථිකාවන් ලිබරල් හා ප්රජාතන්ත්රවාදයේ හදවත වන්නේ අන්න ඒ නිසයි.දේශපාලන දිවියේ හරය බවට පත් වෙන්නේ අපි එකිනෙකා සමඟ කතා බහ කරගන්නා විටයි. එහෙම නැතුව එකිනෙකාට තම මතය දෙසට තල්ලු කරගන්නා විට නෙමෙයි. ඒත් දැන් ස්වයංකැමැත්ත, අවිහිංසාව සහ ඒත්තු ගැන්වීම නැමැති මූල ධර්ම ලිබරල් සංකල්පයෙන් අදහස් කරන ” සාමය ” ගොඩනගා ඇති බව අදහස් වනවා ඇති. එමෙන් ම. පුද්ගල කතෘත්වයට හා අභිමානයට අපගේ ඇති කැපවීම ද පුද්ගලයන් අතර ඇති වැදගත් වෙනස්කම්වලට අපගේ ගරු කිරීම ද ඔබට වැටහෙනවා ඇති.
ලිබරල්වාදීන් සිදු කිරීමට උත්සහ කරන්නෙත් මෙන්න මේ දෙය තමයි. ඇත්තට අපි මෙහිදිත් සිදු කරන්නඋත්සහ කරන්නේ ඒ දේමයි.මේ සඳහා විශාල උත්සහයක් සහ හොඳ අන්තර් පුද්ගල සන්නිවේදනයක් අවශ්ය බව අපි දන්නවා. එයට යම් කාලයක් ද ගත වෙනවා. අපි විශ්වාස කරන්නේ, තමා විසින් ම ඇතිකරගන්නා ආකල්පමය වෙනස්කම්වලට වඩා හොඳ තර්කයන් හෝ ඒත්තු ගැන්වීම් මගින් සිදු වීම තිරසර සමාජ විපර්යාසයන්ට මග බවයි. ඒක නෙමෙයි. ලිබරල්වාදීන් ඔවුන්ගේ අදහස් ගැන කතාකිරීමට මේ තරම් කැමති ඇයි? කියන එක ගැන දැන් ඔබට වැටහෙනවා ඇති.
අපි මෙහි දී ශ්රේෂ්ඨ ලිබරල් චින්තකයන් සහ දාර්ශනිකයින් පෙන්වා දීමට කැමති ඇයි? අප සමාජ විපර්යාස ඇතිකරන ක්රමය එයයි. ඔබට අදහස් තුළින් ලෝකය වෙනස් කිරීමට අවශ්ය නම්, ඔබ එම අදහස් සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. ඒ වගේම අනිත් අය එම අදහස් අහනවාට සහ ඒවා ගැන කියවා බලනවට ඔබ කැමතියි. එහෙයින් බුද්ධිමය අවධානයන් කෙරෙහි පමණක් ම අපේ අවධනය යොමු විම ගැන අපිට සමාවෙන්න.අපිට වෙනස් විධියටකට මෙය කළ නොහැකියි.