අද අපි කතාකරන්නේ වගකීම ගැන. මේ ගැන කතා කිරීම ආරම්භ කරන්න කලින් පුද්ගලවාදය ,එහෙම නැත්නම් ව්යාජ පුද්ගලවාදය ගැන තියන පොදු වැරදි වැටහීමක් මතක් කරගනිමු. එහි දී අපි දැක්කා ඇතැම් තැන්වල මේ ලිබරල්වාදය කියන දෙය, පුද්ගලයින් තමා ගැන පමණක් ම සැලකිලිමත් වන, තමා ගැන පමණක් ම සිතන දෙයක් විදියට දක්වලා තිබෙන බව. “ලිබරල්වාදීන් සිතන්නේ තමන් ගැන පමණයි. මිනිසුන්ට තනිවම තමන් විසින් ම තමන්ගේ ගැටලු නිරාකරණය කර ගන්න සිදු වෙනවා.”
ලිබරල්වාදය ගැන සමහර විවේචන ඊටත් වඩා ඉදිරියට ගොස් තිබෙනවා. ඔවුන් තර්ක කරන්නේ, ලිබරල් දෘෂ්ටි කෝණයකින් බලන විටමි නිසාට පිහිට වීමට කිසිවෙකු නොමැති බවයි. ඔවුන්ට යම් අවාසනාවන්ත දෙයක් සිදුවුවහොත්, ඔවුන්ගේ ම උත්සාහයෙන් මෙම දුක්ඛිත තත්ත්වයෙන් මිදීමට ඔවුන්ට සිදු වෙන බවයි. ඉතින් ඔබ අසනීප වුවහොත් හෝ තුවාල වී සෞඛ්ය අතින් පිරිහුනොත් ඒ ඔබේ අවාසනාව, එහෙම නම් ඔබ ඊට කලින් ඔබේ රක්ෂණ ආවරණය ගැන හිතන්න ඕන. ලිබරල්වාදීන් තමන් ගැන පමණක් සැලකිලිමත් වන බවත් ඕනෑ ම ගැටලුවක් තනිව ම විසඳා ගත යුතු බවත් කියන මේ චෝදනා දෙක ම සත්ය නෙමෙයි. ඇත්තට ම සිදු වෙන්නේ ඒකේ අනිත් පැත්ත. ලිබරල්වාදීන් සෑම විට ම වගකීම යන සංකල්පය වැළඳගෙන තියනවා. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තර්ක කරලා තියෙන්නේ, නිදහස සහ වගකීම එක ම කාසියක දෙපැත්තක් වන අතර, එකක් සම්පූර්ණ වන්නේ අනික ඇත්නම් පමණයි.
ඇත්ත වශයෙන් ම,ඔබ ඒ ගැනතත්පරයක් හිතලා බැලුවොත් ඔබට ම වැටහෙයි මේ චෝදනාවල කිසිදු තේරුමක් නැති බව. ලිබරල්වාදයේ හදවත වන්නේ ස්වයං ප්රවීණත්වය බව අපි දන්නවා.තමාගේ ජීවිත කතාවේ කතුවරයා තමාම වීම. මේ සඳහා අපට උපකාර කරන සහ අපව සවිබලගැන්විය හැකි වෙනත් අය අපට අවශ්ය වෙනවා. ලිබරල්වාදීන් සැම විට ම සමුහයකගේ අදහස් වැළඳගෙන එකට එක් වී විවිධ ව්යාප්පෘතින් සාක්ෂාත් කරගන්නවා…. ස්වේච්ඡාවෙන්.මේතමයි මෙම වරදවා වටහා ගැනීම එන්නේ කොතැනින්ද? කියන එක ගැන අපේ පැහැදිලි කිරිම. ලිබරල්වාදීන් අනිත් අය ගැන සැලකිල්ලක් නොදක්වනවා නෙමෙයි. ඔවුන් සැලකිල්ලක්දක්වනවා. ඒත් ලිබරල්වාදීන් වගකීම පිළිබඳ ප්රශ්න වෙත එළඹෙන්නේ වෙනත් ආකාරයකින්. අන්න ඒ ආකාරය සමහරුන්ට ටිකක් විතර ව්යාකූලයි. මෙහෙම හිතන්නකෝ අපි ජීවත් වෙන සමාජ රාමුව ඇතුලේ යම් කිසි ගැටලුවක් තියනවා. උදාහරණයකින් කියනවා නම් අපේ උද්යානවල ඕනෑවට වඩා කුණුකසළ තියනවා කියලා හිතන්නකෝ මේ වගේ ප්රශ්නයක් විසඳලා දෙන්න කියලා ඉල්ලන්නෙ කාගෙන් ද?
හරි. හොඳයි… රඡයෙන්නේ!
බොහෝ විට හුඟක් අය දක්වන ප්රතිචාරය තමයි මේ. ඒත් ලිබරල්වාදීන් ඒ වගේ ප්රශ්නවලට එලඹෙන්නේ එහෙම නෙමෙයි. ලිබරල්වාදීන් මේ ප්රශ්නය අහන්නේ ද වෙනත් විදියකට. ඒගොල්ලෝ අහන්නේ නෑ…රජයට මේ වෙනුවෙන් කරන්න පුළුවන් මොකද්ද කියලා..ඒගොල්ලෝ අහන්නේ මේ ප්රශ්නය විසඳන්න අපිට මොනවද කරන්න පුලුවන් කියලා…ලිබරල්වාදීන් ගැටලුවක් විසඳීමේ දී සැමවිට ම ප්රමුඛතාවය දෙන්නේ පුද්ගල ඒකකයන්ට, ව්යවසායකයන්ට, ප්රජා සාමාජිකයින්ට, පවුල්වලට . අන්න ඒ වගේ ලිබරල්වාදීන් එම වගකීම දැරීම ගැන ඒ කිව්ව පුද්ගලයින් විශ්වාස කරනවා පමණක් නෙමෙයි. ඒ පුද්ගලයන්ටත් මේ වැඩ සඳහා මැදිහත් වීමටත් ඒවා කිරීමට කැමති බවත් හඳුනා ගන්නවා.
‘ඇලෙක්ස් ඩීටොක්විල්’ වරක් නිරීක්ෂණය කළ ආකාරයට ලිබරල් අනුපිළිවෙලක සුන්දරත්වය යනු බලහත්කාරයෙන් හෝ කේන්ද්රීය සැළැස්මකින් තොරව උපකාර අවශ්ය තැනට උපකාර වන බොහෝ විමධ්යගත ප්රජා සංගමයක්. ඇත්තවශයෙන් ම ලිබරල් රාමුව ඇතුළෙ රජයකට ද මැදිහත් වීමේ ඉඩකඩ තියනවා. සමහර විට පුද්ගලයන්ට සම්බන්ධීකරණය ඇති කර ගැනීම දුෂ්කර යි. ගනුදෙනු පිරිවැය හෝ හවුල් සම්පත් යමෙක් වඩා පරිභෝජනය කිරීම ගැන ගැටලු තියනවා. එහෙත් සමහර විට අපි පිළිගන්නවා මේ සලකා බැලූ කරුණු විසඳීමට. විශ්වාසදායක පුද්ගලයන් වැඩි වශයෙන් හෝ වැඩි කොටසක් පොළඹවා ගැනීමෙන් පසුව මෙම ගැටලුව විසඳගන්න පුළුවන් කියලායි මෙයින් කියවෙන්නේ. ලිබරල්වාදීන් රජයට අකමැති බව නෙමෙයි.සම්බන්ධීකරණ කාර්යය දුෂ්කර වූ විටක හෝ ගනුදෙනු පිරිවැය වැඩි වූ විට රජයක් අවශ්යවෙන්න පුලුවන්. එහෙත් ලිබරල්වාදීන් සිතන්නේ, යම් යම් ගැටලුවලින් පීඩාවට පත් වූ ජනතාවට ප්රශ්නය තමාට බල නොපාන නිළධාරීන්ට හෝ දේශපාලකයින්ට වඩා හොඳ විසඳුම් අදාළ ගැටලුවලට ලබා දියහැකි බවයි.
විශේෂයෙන් අගනගරයෙන් ඈත තිබෙන ගැටලුවල දී. ලිබරල්වාදීන් අන් සියල්ලට ම වඩා පුද්ගලයාකෙරෙහි විශ්වාසය තබා සමාජ ජීවිතයේ ක්රියාකාරී දායකත්වයක් ලබා ගැනීමට ඔවුන්ව බලගැන්වීම් සිදු කරනවා. ඒ සඳහා හොඳම ක්රමය වෙන්නේ වගකීම භාර ගැනීම. මෙහි දී සාකච්ඡාවිය යුතු වැදගත් කාරණයක් තමයි ” ස්වයං සංවිධානය” ලිබරල්වාදීන් සමාජ වෙළඳපල ආර්ථිකයට මෙතරම් කැප වී සිටින්නේ මන්දැයි සහ මධ්යම සැලසුම්කරණයට විරුද්ධ වන්නේ ඇයි ද? යන්න අපි සලකා බැලිය යුතු ය. එතන දී ඔබට තේරෙයි, අපි මෙතන දී කතා කර, සොයා ගත් දේවල්වලින් ඒ කොටස ආවරණය වන බව.