09. ස්වයංසිද්ධ අනුපිළිවෙල

දැන් අපි කතාකරන්නේ, ලිබරල්වාදයේ තවත් වැදගත් අංගයක් වන  ‘ස්වයංසිද්ධ අනුපිළිවෙල’ ගැන මේ යෙදුම මුලින් ම භාවිත කළේ, ලිබරල් චින්තකයෙකු වන ‘ෆෙඩ්රික් ඕගස්ට් ෆෝන් හයෙක්’ නමුත් බය වෙන්නෙ එපා! මේ යෙදුම ටිකක් අමාරුයි, වගේ පෙනුනට එහි තිබෙන වටිනාකම් ඇත්තට ම මේ යෙදුම තරම් අමාරු නැහැ. මේ අදහස ඔබ මින් පෙර දැනගත් අදහස්වලින් ඉතා බලවත් වටිනාකමක්‌ බව ඔබ හඳුනා ගනිවි. ඉතින් මේ වටිනාකම් වෙනුවෙන් අපි යොදා ගත් යෙදුමට බය වෙන්න එපා.

ඔයා කවදාහරි අහලා තියනව ද?ඇඩම් ස්මිත්ගේ” අදෘශ්යමාන හස්තය ” ගැන? මං කියනවා ඔයා අහල තියනවා. ඔයා ඒක අහලා තියෙන්නේ ” ලිබරල්වාදීන් වෙළඳපල කාර්යක්ෂම කරන යම් ආකාරයක මැජික් හස්තයක් විශ්වාස කරයි ” වගේ සෘණාත්මක අදහසකින් කියලා. නමුත් මේ වන විට ඔබ වඩා හොඳින් දැන සිටිය යුතු දෙයක් තමයි, ලිබරල්වාදීන් ඔවුන්ගේ මූලික හරයන් ක්රියාවට නැංවීම සඳහා කිසියම් අද්භූත දේ කෙරෙහි බලාපොරොත්තු තබා නොගන්නා බව.

ඇඩම් ස්මිත්ගේ අදෘෂ්යමාන හස්තය හෝ ස්වයං සිද්ධ අනුපිළිවෙල එහෙම නැත්නම් ස්වයංසංවිධානය කියන දේ කතා කරන්න, කිසියම් මායාමය හෝ අධි රසායනික දෙයක් පිළිබඳව නෙමෙයි. ඒවා සමාජ සැලසුම්කරණයේ සීමාවන් ගැනයි. ඔවුන් ප්රශ්න කරන්නේ කවුරු? වෙනුවෙන් කවුරුන් සැලසුම් සකස් කළා ද?යන්නයි. සමාජවාදය හෝ වේවා, ජාතිකවාදය හෝ වේවා මේ ඕනෑ ම ආකාරයක ආගමික දෘෂ්ටිවාදයක් තුළ මේ ප්රශ්නයට තිබෙන පිළිතුර පැහැදිලියි සහ පහසුයි. ඔවුන්ට අනුව පිළිතුර වෙන්නේ මධ්යම කාරක සභාව නැත්නම් නායකයා එහෙම නැත්නම් දෙවියන්, මෙන්න මේ ආයතන කළ යුතු දේ දන්නවා. ඔවුන් අපිව බලා ගනීවි. ඒත් ලිබරල්වාදීන් නම් මීට වඩා වෙනත් ප්රවේශයකින් මේ ගැටලුව දිහා බලන බව ඔබ දන්නවා. ලිබරල්වාදීන් තනි තනි මට්ටමෙන් ඔවුන්ගේ වගකීම් නැංගුරම් ලා තිබෙනවා.සමාජ ගැටලු සෑම විට ම ඉහළ සිට පහළ ට විසඳිය යුතු බවක් ඔවුන් සිතන්නෙ නෑ. ඔවුන් විශ්වාසය තබන්නේ බිම් මට්ටමේ සිටින පුද්ගයන් වෙත. බිම් මට්ටමේ සිටින පුද්ගල ඒකකයන් තම තමන්ගේ ධාරිතාවේ හැටියට වගකීම් දැරිය යුතුයි. තනි තනි පුද්ගලයන් ව්යවසායකයින්,ප්රාදේශීය ප්රජාවන්,පවුල් සහ සිවිල්සමාජයන් ගැටලුව කාර්යක්ෂමව හා ඵලදායි ලෙස විසඳා ගැනීම සඳහා ඔවුන් බිම් මට්ටමේ සිට ඉහළට විසඳුම් ඉදිරිපත් කරනු ඇත.

දැක්කා නේද…වෙළෙඳපොළ , සිවිල් සමාජයසහ තවත් බොහෝ සමාජ සංසිද්ධීන් පිටුපස ඇති මූලික මූල ධර්මය ඔබ තේරුම් ගෙන තියෙනවා නේද…?

‍මක්නිසා ද යත්,ඕනෑ ම මානව හෝ මධ්යම සැලසුම්කරුවෙකුට සැලසුම් කිරීම ගැන, සිතාගත නොහැකි තරම් බලවත් වන ව්යුහයන් සහ පද්ධති බිහිකරන්නේ, කණ්ඩායමේ තනි නියෝජිතයින්ගේ විමධ්යගත හා සම්බන්ධීකරන ක්රියාවලින් ය. තවත් විදිහකින් කියනවා නම්, ස්කොට්ලන්ත ජාතික චින්තකයෙකු සහ ඇඩම් ස්මිත්ගේ මිතුරෙකු වන ‘ඇඩම් ෆර්ගසන් ‘ පැවසූ පරිදි මේ පද්ධති තුළින් මතුවෙන්නෙ,

‍” මිනිස් ක්රියාවෙහි ප්රතිඵලයක් ලෙස මිස කිසිදු මිනිස් නිර්මාණයක ක්රියාත්මක කිරීමක් ලෙස නොවේ. ”

ඇඩම් ස්මිත්ගේ විශාලතම කරුණු දැක්වීම අනුව, අදෘශ්යමාන හස්තයන් වැනි ඉහළ බලයන් කෙරෙහි අප විශ්වාස කළ යුතු බව නොවන සහ සාමාන්ය ජනයා ඔවුන්ගේ ම ජීවන සැලසුම් අනුගමනය කරමින් ඉන්නවා යන්නයි. මොකද? ඔවුන් එහෙම කරන කොට ඔවුන් එකතු වෙලා අපි හැමෝටම සේවය කරන ආයතන පිහිටවනවා. අපට මස් සපයා දෙන මස් කඩකරු,බේකරි හිමිකරු හෝ බීර නිෂ්පාදකයාගේ කරුණාව නිසා අපිට රාත්රී ආහාරය ලැබුනා නෙමෙයි. ඔවුන්ගේ උනන්දුව සහ ඔවුනොවුන්  වෙනුවෙන් තම රැකියාව කරගෙන යන නිසා ඔවුන්ගේ සේවය අපට ලැබෙනවා.

‍නිදහස් මානව අන්තර් ක්රියාකාරිත්වයේ වාසිදායක එහෙත් අනපේක්ෂිත ප්රතිවිපාක කෙරෙහි ඇති මෙම විශ්වාසය ලිබරල්වාදීන් අද්විතීය පිරිසක් බවට පත් කරනවා. ඒ වගේ ම මිනිස් ස්වභාවය පිළිබඳ ලිබරල්වාදීන්ගේ දෘෂ්ටිය ගැනත් ඔබට බොහෝ දේ අඟවනවා. අපි පැහැදිලි ප්රතිවිරුද්ධ උදාහරණයක් ගමු. ‘සෝවියට් සංගමයේ ආර්ථික සැලසුම්කරණය පිළිබඳ ලෙනින්ගේ දැක්ම’ ලෙනින් වචනාර්ථයෙන් සිතුවේ, මෙය තැපැල් කාර්යාලයක් ක්රියාත්මක වන ආකාරය කළ හැකි හා කළ යුතු බව. සෑම පුරවැසියෙකුටම අවශ්යවන්නේ කුමක්ද? සහ ඉල්ලන්නේ කුමක්ද?  යන්න නිශ්චිතවම තීරණය කිරීමට නිළධාරීන්ට, කළමනාකරුවන්ට හැකි වනු ඇතැයි ඔහු සිතුවා. ඇත්තට ම ඒක සිදු වූයේ කොහොමද කියලා අපි හැමෝම දන්නවා.ලිබරල්වාදීන් පුද්ගලයන් සතු බලය විශ්වාස කරනවා. නමුත් අපි ඒවා පරමාදර්ශ බවට පත්කරගන්නේ නෑ. අපි රජයේ සැලසුම්කරුවන් සුපිරි වීරයන් ලෙස පරමාදර්ශයට ගන්නේ නෑ. ඒ වගේ ම අපි ඔවුන්ගේ උරහිස් මත ඔවුන්ට නොකළ හැකි වැඩ කොටසක් නොහොත් බරක් තබන්නෙත් නෑ,  ඒ වෙනුවට, අපි ආයතනවල සහ සහයෝගීතාවයේ නිහතමානිකම කෙරෙහි විශ්වාසයතබනවා. වෙළඳපල, සමෘද්ධිය,නව නිපැයුම් සහ නව්යකරණයෙන් එක මිනිසෙකුගේ මනසින් ලෝකයට පැමිණියේ නැහැ. ඒවා නිදහස් පුද්ගලයන් අතර සහයෝගීතාවයේ හා අන්තර්ක්රියාකාරීත්වයේ අඛණ්ඩ ක්රියාවලියක ප්රතිඵලයක්.

” ආ….!!ලිබරල්වාදියෝ… මම දැනගෙන හිටියා මේ ඔක්කොම අන්තිමට කැරකිලා එන්නේ, වෙළඳපොළ ගැන කතාකරන්න කියලා. “

‍ඔයාට එහෙම හිතෙයි. ඒකත් ඉතින් කමක් නෑ.”ඒත් මොහොතක්‌ ඉන්න. භාෂාව බිහිවන හා වර්ධනය වන ආකාරය ගැනත් සිතන්න.

අප එකිනෙකා සමඟ කතා කරන ආකාරය පිළිබඳ සියලු නීති තීරණය කරන එක් මධ්යම කාරක සභාවක් තියෙනව ද එහෙම නැත්තන් මේකත් ස්වයංසිද්ධ අනුපිළිවෙල  හා සම්බන්ධීකරණය නොවූ ක්රියාවලියක්ද?

‍කොහොමද?සමහර අලුත් වචන අපේ ශබ්ද කෝෂය ඇතුල් වුණේ…හරියට ගූගල් කරන්න වගේ වචන…?

‍මොකක් හරි භාෂා කමිටුවක අනුමැතියක් ආවට පස්සෙද? නෑ…කොහොමවත් නෑ…!

ඒවා භාවිතයට ආවේ සාමාන්ය මිනිස්සු ඒ වචන පාවිච්චි කළ නිසා. අන්න හරි ,  ස්වයංසිද්ධඅනුපිලිවෙල ට තවත් උදාහරණයක්. එය ආර්ථික විද්යාව සම්බන්ධයෙන් තියෙන වචනයක් පමණක් නෙමෙයි. ස්වයං සිද්ධ අනුපිළිවෙලට විවිධ ස්වරූප තියෙනවා. ඔබ මේවචනය හරියට තේරුම් ගත්තොත් හැමතැනක ම ස්වයංසිද්ධ අනුපිළිවෙලක් තිබෙන බව ඔබට වැටහෙනවා. මොකද ලෝකයේ සෑම තැනකම ස්වයංසිද්ධ ක්රියාවලීන් තිබෙනවා. භාෂාවේ පරිණාමයේ සිට අන්තර්ජාලය, වෙළෙඳපොළ දක්වා ම මේ ස්වයංසිද්ධ අනුපිළිවෙල තිබෙනවා.ඒ සියල්ල සාමාන්ය මිනිසුන්ගේ සම්බන්ධීකරණය නොවූ පුද්ගල ක්රියාවක ප්රතිපලයක් වෙනවා, මිස බලවතුන්ගේ අදහස් සැලසුම් කිරීම, මත සිදු වූවක් නෙමෙයි. දැන් සියල්ල සිදුවෙන්නේ, කොහොමද?  කියලා මෙයින් ඔබට පේනවා. මේ ලිබරල්වාදයේ වටිනාකම් ලැයිස්තුව එක් ලිබරල් චින්තකයෙකු ලබාදුන් දේවල් නෙමෙයි. එය ලොව පුරා විවිධ චින්තකයින් සම්බන්ධ කර ගනිමින් ශත වර්ෂ ගණනාවක් පුරා සිදු වූ ස්වයංසිද්ධ ක්රියාවලියක්. ලිබරල්වාදයේ කේන්ද්රිය සැලසුම්කරුවෙකු නැතුව වුවත් මේ සියලු වටිනාකම් දැන් හොඳින් එකිනෙකට ගැලපෙනවා.

◾️ලිබරල්වාදීන් සමාජයේ පුද්ගල නියෝජිතයින් හඳුනා ගන්නා ආකාරය අනුව ‘පුද්ගල වාදය’.

◾️ ව්යාජ පරමාදර්ශවලින් තොර වීමෙන් ද මිනිසුන් ව බලයට පත් කිරීමෙන් මිනිස් ස්වභාවයේ නරක ම පැත්ත හඳුනාගැනීමට හැකි වීමට දැනගෙන සිටීමෙන් ද “‘බලය පිළිබඳ සැකය:’

◾️බලතල අනිසිලෙස භාවිතා කිරීම වැලැක්වීම සඳහා වන නීතිරීති සහ ක්‍රියා පටිපාටිය

“නීතියේ ආධිපත්‍යය”

◾️ පුද්ගල වෙනස්කම් හඳුනා ගෙන ඒවා අගය කරන මානසිකත්වය සහ ඒවා සඟවා හෝ නිහඬ කිරීමට උත්සාහ කරනවා වෙනුවට “ඉවසීම”

◾️මානවයාට ගරුකරන, වෙනස් කිරීමේ ආකෘතියක් සමඟ, ඒත්තු ගැන්වීම කෙරෙහි විශ්වාසය තැබීම සහ වඩා හොඳ තර්කය කෙරෙහි විශ්වාසය තැබීම ‘නිදහස”

◾️අවසානයේ දී සුපිරි වීරයන් නොහොත් නිළධාරීන් වෙනුවට බිම් මට්ටමේ සිටින තනි පුද්ගලයන්ගේ සහ සාමාන්ය පුරවැසියන්ගේ වටිනාකම “වගකීම සහ ස්වයංසිද්ධ අනුපිළිවෙල “

◾️මානව සමෘද්ධිය ලැබිය හැක්කේ අපගේ ම කැපවීම අනුව සහ අප සෑම කෙනෙකුට ම ඔවුන්ගේ ජීවිත කතාවේ කතුවරයා වීමට බලය ලබා දෙන්නේ නම් පමණයි. “නිදහස”

මේ තමයි ලිබරල්වාදයේ පවුල් ගස ඔබේ රුචිකත්වය අනුව මේ ක්ෂේත්රය පිළිබඳ වැඩි පුර කියවීම් සහ තොරතුරු ලබා ගැනීමට, ඔබට අප හා සම්බන්ධ විය හැකියි.