නිදහස
පුද්ගලවාදය
බලය පිළිබඳ සැකය
නීතියේ ආධිපත්‍යය
ඉවසීම
සාමය
වගකීම
ස්වයංසිද්ධ අනුපිළිවෙල
ලිබරල්වාදය කෙටියෙන්

liberalvalues.lk කියන්නේ මොකක්ද?

ලිබරල්වාදය පිළිබඳ මූලික කරුණු කාරණා ‘VIDEO’ නැරඹීම, ‘AUDIO’ පටවලට සවන් දීම, ලිපි කියවීම හා සංවාද මගින් මෙන් ම ප්රශ්න කිරීම තුළින් ඉගෙන ගත හැකි, බහු භාෂා ඩිජිටල් අවකාශයකි. ලිබරල්වාදීන් සිය මූලික අධ්යයනයන් මත පදනම්ව සියවස් ගණනාවක් පුරා ලිබරල්වාදය තුළ විවිධ ගුරු කුලයන් වශයෙන් බෙදී ඇත. එම මතයන් කෙසේ වුව ද, සියලු ලිබරල්වාදීන් එකඟ වන්නා වූ මූලික වටිනාකම් 8ක් ඇත. ඒ අනුව ලිබරල්වාදය සම්බන්ධයෙන් ඔබට අවශ්ය වන මූලික දැනුම නිවැරදිව ලබා දීම, මෙම වෙබ් අඩවියේ අරමුණ යි.

liberalvalues.lk මොකටද?

ශ්‍රී ලංකාව තුළ නිදහසින් පසු යුගයේ පටන් මහජන අරමුදලින් ගොඩනැඟුණු විධිමත් අධ්යාපන ක්රමයක් ඇත. කෙසේ වෙතත් මෙම විෂය මාලාව ස්වභාවික විද්යා විෂයයන් (STEM ආදී වූ) මත පදනම් වන අතර ද්විතීයික පාසල් මට්ටමේ අධ්යාපන පද්ධතිය තුළ මනෝ විද්යාව , ජාත්යන්තර සබඳතා, සංවර්ධනය, නීතිය වැනි සමාජ සමාජ විෂයයන් නොසලකා හැර ඇත. තව ද දශක ගණනාවක සිට විෂය නිර්දේශයන් බොහොමයක්, නිරන්තරයෙන් වෙනස් වන ගෝලීය දැනුම සමඟ යාවත්කාලීන වී නැත. එම නිසා ගෝලීය වශයෙන් ජනප්රිය සමාජ විද්යා සංකල්පයක් වන ‘ලිබරල්වාදයට’ නිරාවරණය නොවූ ශ්රී ලාංකේය පුරවැසියන්ගේ දැනුම වර්ධනය කිරීම මෙම ව්යාපෘතියේ අරමුණ යි. Liberalvalues.lk හි පරමාර්ථය වන්නේ, ශ්රී ලාංකිකයන් අතර ලිබරල්වාදය පිළිබඳ පැහැදිලි සහ නිවැරදි අවබෝධයක් ගොඩනැඟීම සහ ස්වයං තීරණ ගැනීමේ, ස්වාධීන සහ බලයලත් පුරවැසියන් ලෙස ඔවුන් සවිබල ගැන්වීම යි.

liberalvalues.lk කොහොමද?

අපගේ වෙබ් අඩවියේ, ලිබරල්වාදයේ මූලික වටිනාකම් පිළිබඳව කොටස් 10 ක ‘VIDEO’ මාලාවක් මෙන් ම ‘AUDIO’ මාලාවක් සහ ලිපි 10ක්‌ ද ඇතුළත් වේ. එමෙන් ම ඕනෑ ම අයෙකුට ඉංග්රීසි, සිංහල සහ දෙමළ භාෂාවලින් ලිබරල් වටිනාකම් පිළිබඳව නැරඹීමට, සවන් දීමට හෝ කියවීමට මෙහි දී හැකියාව ලැබේ. අපි නුදුරේදී ම ලිබරල්වාදය පිළිබඳව වු විවිධ අන්තර්ගතයන් මත පදනම්ව ව්යාපෘතීන් සහ ක්රියාකාරකම් දියත් කිරිමට සූදානම් වන අතර අපගේ මෙම වෙබ් අඩවිය ද තවත් වැඩිදියුණු වනු ඇත. ඔබ මෙහි අධ්යනයන් සම්පූර්ණ කර ‘කතාකරන්න’ කොටසේ දී ඔබේ අදහස් අපට දන්වන්න. එමෙන්ම මෙම අනු කොටස් නැවත නැවත අධ්යයනය කිරීමෙන් ‘ලිබරල්වාදය’ පිළිබඳ නිසි අධ්යාපනයක් ඔබට ලබාගත හැක. තව ද ලිබරල්වාදය පිළිබඳ වැඩිදුර පර්යේෂණ කටයුතු සිදු කිරීම, සංවර්ධනය, නිදහස් වෙළඳාම, ජාත්යන්තර ආරක්ෂාව, විදේශ ප්රතිපත්ති, ස්වෛරීභාවය සහ ජාත්යන්තර නීතිය වැනි තවත් බොහෝ ගෝලීය වටිනාකම් පිළිබඳ දැනුම ඔබ වෙත රැගෙන එනු ඇත.

අපගේ සමාජ මාධ්‍ය සංග්‍රහ

@Srilankafnf

ලිබරල් වටිනාකම් පිළිබඳ වැඩි විස්තර

Introduction to Liberal Values in Sri Lanka

2.9 Minutes

Tunes of Freedom – Musical Journey for a Better and Freer world

3.9 Minutes

Beyond Imagination: AI Art competition on Liberal Values

ඔබගේ අදහස් අප සමඟ බෙදා ගන්න